පුවත්

කඩාවැටුනු පාලමට බිලිවූ පිරිස වැඩිවෙයි (වීඩියෝ)

Published

on

ඊයේ (31) දින ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ මොර්බි ප්‍රදේශයේ එල්ලෙන පාලමක් කඩා වැටීමෙන් ජීවිතක්ෂයට පත් පුද්ගලයින් සංඛ්‍යාව 141ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අනතුරින් 177 දෙනෙකුගේ දිවි බේරාගැනීමට සමත්ව ඇති අතර අතුරුදන්වුවන් සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකය. එම අවස්ථාව වනවිට පාලම මත පුද්ගලයින් 500ක් පමණ සිට ඇති අතර ඉන් බොහෝ පිරිසක් කාන්තාවන් සහ දරුවන් බවට වාර්තා වෙයි.

ඉන්දියාවේ ගුජරාට් හි මෝබි ප්‍රදේශයේ හරහා ගලා යන මච්චූ ගංඟාව හරහා මීටර් 230 ක් දිග මෙම ඓතිහාසික පාලම බ්‍රිතාන්‍ය පාලන සමයේදී ඉදිකර තිබේ.

ප්‍රතිසංස්කරණය සඳහා මාස හයක් වසා දමා තිබූ එම පාලම යළි මහජනතාව සඳහා යළි විවෘත කර ඇත්තේ පසුගිය 26දාය.

ඊයේ (30) පස්වරුවේ එම එල්ලෙන පාලම මත “චාත්” නැමැති ආගමික චාරිත්‍රය ඉටුකිරීම සඳහා බොහෝ පිරිසක් එක්ව සිටියදී මෙම අනතුර සිදුවී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් ගුජරාට් ප්‍රාන්ත රජය පරීක්ෂණයක්ද ආරම්භ කර ඇති අතර, පුද්ගලයන් 08 දෙනෙකුව ප්‍රශ්ණ කරමින් සිටියි.

සිද්ධියෙන් කම්පාවට පත්වී ඇති ඉන්දීය අගමැතිවරයා හෙට මෝබි ප්‍රදේශයට යාමට නියමිත බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි.

Trending

Exit mobile version