Connect with us

පුවත්

කඩා දැමූ රාජසභා මණ්ඩපය යළි ඉදිකරන්න සැලසුම්

Published

on

කඩා දැමුණු ඓතිහාසික කුරුණෑගල බුවනෙකබා රාජසභා මණ්ඩපය නැවත ඉදිකරන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල් මහාචාර්ය තුසිත මෙන්ඩිස් මහතා සඳහන් කළේ, බුවනෙකබා රාජසභා මණ්ඩපය නැවත ඉදිකිරීම සඳහා නගර සභාවෙන් අනුමැතිය ගත යුතු බවය.

එය නගර සභාව සතු භූමියක් වීම ඊට හේතු වී තිබේ.

පරණ කොටස ආරක්ෂා කරමින් අනෙක් කඩා දැමු කොටස නැවත ඉදිකරන බව කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරයි.

2020 වසරේ ජූලි මාසයේ 14 වැනි දා මාර්ගය පුළුල් කිරීමට යැයි පවසමින් කුරූණෑගල මහනගර සභාව, බැකෝ යන්ත්‍රයක් යොදා ඉපැරණි බුවනෙකබා රාජ මාලිගයට හානි සිදුකර තිබුණි.

13 වන සියවසේ කුරුණෑගල රාජධානි සමයට අයත් යැයි සැළකෙන අදාළ ගොඩනැගිල්ල, 1940 අංක 09 දරණ පුරා වස්තු ආඥා පනත යටතේ පුරා විද්‍යා රක්ෂිතයක් ලෙස සැලකෙන ස්මාරකයකි.

පුවත්

ව්‍යාපෘති සැලසුම් කළ කාලය තුළම අවසන් කරන ලෙස ජනපතිගෙන් උපදෙස්

Published

on

By

මෙවර අයවැය මගින් වෙන් කළ මූල්‍ය ප්‍රතිපාදන යටතේ නාගරික සංවර්ධන, ඉදිකිරිම් සහ නිවාස අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය කිරීමේ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (06) පැවැත්විණි.

ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් බවට ශ්‍රී ලංකාව පත් කිරීම සඳහා ක්‍රියාත්මක නගර සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය, කොළඹ දිස්ත්‍රික්කයේ ඇළ මාර්ග පවිත්‍රතා සහ කසළ කළමනාකරණ ව්‍යාපෘති, ජල ව්‍යාපෘති සහ නිවාස ආධාර ව්‍යාපෘතිවල ක්‍රියාකාරිත්වය සහ වත්මන් ප්‍රගතිය මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

මෙම සෑම  ව්‍යාපෘතියක්ම  සැලසුම් කළ ලෙස නියමිත කාල පරිච්ඡේදය තුළ අවසන් කිරීමට වගබලා ගන්නා ලෙස මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරින්ට උපදෙස් දුන්නේය.

නාගරික සංවර්ධන, ඉදිකිරීම් හා නිවාස අමාත්‍ය අනුර කරුණාතිලක, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, නාගරික සංවර්ධන, ඉදිකිරීම් හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් රංජිත් ආරියරත්න, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්වරුන් වන රසල් අපෝන්සු, කපිල ජනක බණ්ඩාර යන මහත්වරු සහ මුදල් අමාත්‍යාංශයේ හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.  

Continue Reading

පුවත්

හිටපු ඇමතිනි චන්ද්‍රාණී බණ්ඩාරට අධි චෝදනා

Published

on

By

යහපාලන රජය සමයේ කාන්තා හා ළමා කටයුතු සහ වියලි කලාප සංවර්ධන අමාත්‍යවරිය ලෙස කටයුතු කළ හිටපු අමාත්‍ය චන්ද්‍රාණි බණ්ඩාර මහත්මියට කොළඹ මහාධිකරණය හමුවේ අද (06) අධි චෝදනා භාර දී තිබේ.

චන්ද්‍රාණි බණ්ඩාර අමාත්‍යවරිය ලෙස කටයුතු කරමින් සිටියදී නිත්‍යානුකූල ක්‍රමවේද අනුගමනය නොකර එච්. එම්. චන්ද්‍රවංශ නමැති අයෙකු වියළි කලාප සංවර්ධන අමාත්‍යාංශයේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ධුරයට පත්කිරීම සහ සිය හිතවතුන් පිරිසක් නීත්‍යානූකූල නොවන අකාරයට විවිධ තනතුරුවලට පත්කිරීම සම්බන්ධයෙන් ඇයට අධිචෝදනා භාරදීම සිදුවිය.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් හිටපු අමාත්‍යවරියට එරෙහිව මෙම අධිචෝදනා ගොනුකිරීම සිදුකර ඇත්තේ අල්ලස් පනතේ ‘දූෂණය’ නම් වරද යටතේය.

ඒ අනුව මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඉදිරියේ මෙම අධිචෝදනා භාරදීම සිදුවූ අතර පසුව විත්තිකාරිය රුපියල් ලක්ෂ 10  බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීම සිදුවිය.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

කටුනායකට නව කැමරා පද්ධතියක්

Published

on

By

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සියලු ආගමන විගමන කවුළු සඳහා මුහුණු හඳුනා ගැනීමේ කැමරා සවිකිරීමට මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය තීරණය කර තිබේ.

අමාත්‍ය ආනන්ද විජේපාල මහතා විසින් සඳහන් කරනු ලැබුවේ දැනට එහි ආරක්ෂක කැමරා සවිකර ඇත්තේ කවුළු 08ක පමණක් බවය.

මෙම වැඩපිළිවෙළ යටතේ ආගමන විගමන කවුලු 30කට එම ආරක්ෂිත උපාංග පොලිසිය මැදිහත්වීමෙන් සවිකිරීමට නියමිතය.

සංවිධානාත්මක අපරාධකරුවන්, වරෙන්තුකරුවන් හා අපරාධ වලට සම්බන්ධ පුද්ගලයින් විදේශගත වීම හා විදේශවල සිට පැමිණීමේදී හඳුනා ගැනීම එමගින් සිදු කළ හැකිය.

එමෙන්ම මෙම කැමරා පද්ධතියේ දර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පැය 24 පුරා අධීක්ෂණය කෙරෙනු ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved