Connect with us

පුවත්

කඩා වැටුණේ චීනේ නිෂ්පාදිත ගුවන් යානයක් – ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක

Published

on

ත්‍රිකුණාමලය, චීනවරාය ගුවන් හමුදා කඳවුර ආසන්නයේදී අනතුරට පත් පී.ටී 6 (PT6) වර්ගයේ පුහුණු ගුවන්යානය පසුගිය 2018 වර්ෂයේදී චීනයේ  නිෂ්පාදිත එකක් බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව අවධාරණය කරයි.

එම ගුවන්යානය 2018 වර්ෂයේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ඇණවුමකට අනුව එම වර්ෂයේම නිෂ්පාදනය කර ඇතැයි ද ගුවන් හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ ගෲප් කැප්ටන් දුෂාන් විජේසිංහ මහතා මාධ්‍යට පවසා තිබේ.

එම ගුවන්යානයේ සම්පූර්ණ මෙහෙයුම් කාලය ගුවන් පැය 4,000ක් වුවද මේ දක්වා මෙහෙයුම් සිදු කර තිබෙන්නේ ගුවන් පැය 800ක පමණ ප්‍රමාණයක් බවද ඔහු හෙළිකර ඇත.

අදාළ ගුවන්යානය 1958 වසරේ නිෂ්පාදනය කළ පැරැණි ගුවන්යානයක් බවට සඳහන් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (08) ප්‍රකාශයක් කර තිබෙන අතර ඊට ප්‍රතිචාර දක්වමින් ගුවන් හමුදා මාධ්‍ය අධ්‍යක්ෂවරයා මේ බව සඳහන් කර තිබේ.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු යානා සියල්ල 2000 – 2018 කාලයේ මිලට ගත් ඒවා බව ද කියා සිටින විජේසිංහ මහතා පසුගිය 2001 වසරේදී ඇණවුම් කළ ගුවන්යානා ද මේ දක්වා සම්පූර්ණ ගුවන් මෙහෙයුම් සිදු කර ඇත්තේ ගුවන් පැය 2,800ක් බව ද පවසා සිටී.

ඒ අනුව අදාළ ගුවන්යානා සියල්ල පුහුණු කිරීම් සඳහා යොදා ගැනීම සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නැති බව ද ඔහු පවසයි.

චීනයේ නන්චැන්ග් ගුවන්යානා නිෂ්පාදන සමාගම මඟින් මෙවැනි වර්ගයේ ගුවන්යානා නිෂ්පාදනය 1958 වසරේ අගෝස්තු මාසයේ 27 දා ආරම්භ කර තිබෙන නමුත් මෙහෙයුම් සිදු කර ඇත්තේ 1960 වසරේදී බවද ඔහු කියා සිටී.

ඒ්වා චීන ගුවන් හමුදාවේ පුහුණු කිරීම් සඳහා යොදාගෙන තිබෙන බව ද ඔහු කීවේය. 

කෙසේ වුවද මෙම ගුවන්යානා ශ්‍රී ලංකාවට අමතරව එක්සත් ජනපදය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, දකුණු අප්‍රිකාව ඇතුළු රටවල් රැසකට ලබා දී තිබෙන අතර මේ වන විට නිෂ්පාදිත ගුවන්යානා සංඛ්‍යාව 2,000ට වැඩි බව ද ඒ මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් මෙම පුහුණු ගුවන්යානය පෙරේදා (07) පෙරවරුවේ ත්‍රිකුණාමලය, 

චීනවරාය ගුවන් හමුදා කඳවුර ආසන්නයේදී අනතුරට ලක්වීමෙන් ගුවන් හමුදා සාමාජිකයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

 චීනවරාය ගුවන් හමුදා විද්‍යා පීඨ කඳවුරේ පුහුණු වීම සඳහා යොදා ගන්නා පී.ටී 6 වර්ගයේ සැහැල්ලු ගුවන්යානයක් මෙලෙස පෙරවරු 11.27ට පමණ කඩා වැටීමෙන් එහි ගමන් කළ ගුවන් නියමුවා සහ ගුවන් හමුදා ඉංජිනේරුවරයා මියගියහ.

මූලාශ්‍රය – දිනමිණ

සබැඳි පුවත්
ගුවන් හමුදා පුහුණු ගුවන් යානයක් කඩා වැටී දෙදෙනෙකු ජීවිතක්ෂයට 

පුවත්

නෙවිල් සිල්වාට ඇප (UPDATE)

Published

on

By

මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට භාරවූ කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා මහතාට ඇප ලබාදී ඇත.

2023 වසරේදී මාතර වැලිගම W15 හෝටලය ඉදිරිපිට වෙඩිතැබීමේ සිද්ධියට අදාළව නෙවිල් සිල්වා මහතා අද (24) අධිකරණයට භාරවිය.

අදාළ සිද්ධියට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු සැකකරුවන් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාතර මහෙස්ත්‍රාත්වරයා පසුගියදා නියෝග කර තිබුණි.

නෙවිල් සිල්වා එම නඩුවේ 9වන සැකකරුය.


(පෙර පුවත 2025 අප්‍රේල් 24 ප.ව.3.59 )

නෙවිල් සිල්වා අධිකරණයට භාරවෙයි

කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට භාරවී තිබේ.

අද (24) ඔහු මෙලෙස අධිකරණයට භාරවී ඇති බව සඳහන් ය.

2023 වසරේදී මාතර වැලිගම W15 හෝටලය ඉදිරිපිට වෙඩිතැබීමේ සිද්ධියට අදාළව හිටපු සහකාර පොලිස් අධිකාරීවරයා මෙලෙස භාරවී තිබේ.

අදාළ සිද්ධියට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු සැකකරුවන් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාතර මහෙස්ත්‍රාත්වරයා පසුගියදා නියෝග කර තිබුණි.

හිටපු සහකාර පොලිස් අධිකාරීවරයා අදාළ නඩුවේ 9වන සැකකරු වෙයි.

Continue Reading

පුවත්

අප්‍රේල් 26 ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරයි

Published

on

By

2025 අප්‍රේල් මස 26 වන දිනය ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර තිබේ.

ඒ, අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථවීම හේතුවෙන් එතුමන්ගේ අවසන් කටයුතු එදිනට යෙදී තිබීම හේතුවෙනි.

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු නිලධාරීන්ට දැනුම්දෙන්නේ  2025 අප්‍රේල් මස 26 දින සියලුම රජයේ කාර්යාලවල ජාතික කොඩිය අඩකුඹු කර තැබීමට කටයුතු කරන ලෙසය.

Continue Reading

පුවත්

ප්‍රබල අකුණු ගැන අනතුරු ඇඟවීම්

Published

on

By

නැගෙනහිර, ඌව, මධ්‍යම සහ උතුරු-මැද පළාත් සහ මුලතිව් සහ වවුනියා දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක.

අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved