පුවත්

කඩු පොලු අරගෙන සාධයකට පැන ගිනිතියලා; තරුණියක් මරුට

Published

on

වවුනියාව තොනිකල් සර්කියුලර් මාර්ගයේ නිවසකට  කඩු සහ පොලු රැගෙන අද (23) අලුයම කඩාවැදුණු පිරිසක් වැසියන්ට පහරදී  නිවසේ සිරකොට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීම හේතුවෙන් තරුණියක මියගොස් තවත් නව දෙනකු තුවාල ලබා වවුනියාව රෝහලට අ‍ැතුළත් කොට අ‍ැතැයි වවුනියාව පොලිසිය කියයි.

උපන්දින සාදයක් අතරතුර මුහුණු අ‍ාවරණයකොට කඩු සහ පොලු රැගෙන පැමිණි පිරිස සාදයේ සිටි පිරිසට පහරදී නිවසේ  සිරකොට අ‍ැතැයි පොලිසිය කියයි.

අදාල පිරිස නිවසේ සිරකොට සිටියදී පෙට්‍රල් බෝම්බ ප්‍රහාරය එල්ල කොට අ‍ැති අතර එ සමගම නිවස ගිනිගැනීමකට ලක්ව අ‍ැති බවත් ගින්නෙන් නිවස අ‍ැතුලත සම්පූර්ණයෙන් හානි සිදුව අ‍ැති බවත් පොලිසිය පැවසීය.

ගින්නත් සමඟ සාදයේ සිටි නවදෙනකු නිවසින් පිටතට පැන දිවිබේරාගෙන ඇති අතර වවුනියාව තෝනිකල්, සර්කියුලර් මාර්ගයෙ පදිංචි ෆාතිමා සම්මා සෆීදීර් (21) තරුණිය පහරදීමෙන් හා ගිනිගැනීමෙන් තුවාල ලබා නිවසතුල මියගොස් අ‍ැතැයිද පොලිසිය වැඩිදුරටත් පැවසීය.

කැපුම් තුවාල හා පිළිස්සුම් තුවාල හේතුවෙන් එම ස්ථානයේදීම මියගොස් ඇති තරුණිය උපන් දිනය යෙදී තිබුණු දෙහැවිරිදි පුත්‍රයාගේ මව ‌බව වාර්තා වේ.

එමෙන්ම, උපන් දිනය යෙදී තිබූ දෙහැවිරිදි දරුවා, ඔහුගේ පියා, අවුරුදු 7 සහ 13 වයස්වල පසුවන දැරියන් දෙදෙනෙක් ඇතුළු පුද්ගලයින් 9 දෙනෙකු තුවාල ලැබූ අතර  සිටින බවද පැවසේ

Trending

Exit mobile version