පුවත්

කණ කර බරකරගෙන ප්ලෙන්වලින් එන්න එපා – ලංකාවෙන් පනිවුඩයක්

Published

on

අනවශ්‍ය ලෙස රන් භාණ්ඩ පැලැඳ ජාවාරම් කිරීමේ අරමුණෙන් ගුවන් මගීන් ලෙස මෙරටට පැමිණෙන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා කියයි.

ඒ අනුව ආනයන අපනයන පාලක ජනරාල්වරියගේ අවසරයකින් තොරව කැරට් 22ට වැඩි රන් භාණ්ඩ පැළඳ ගුවන් මගීන් මෙරටට පැමිණීම අත්හිටුවන බව ද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.

ඇතැම් ජාවාරම්කරුවන් දෛනිකව ආසන්න රටවල් වෙත ගුවන් ගමන් හරහා කැරට් 24 රන් පළඳනා සකස් කරගෙන පැමිණෙන බවටද වාර්තාවී ඇතැයි ඔහු කියා සිටී.

එමගින් මාසයකට අමෙරිකානු ඩොලර් මිලියන 30ක පමණ විදේශ විනිමයක් රටට අහිමි වන බවත් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.

රන් භාණ්ඩවල තත්ත්වයන් හා ප්‍රමාණයන් පිළිබඳ සොයාබැලීම සඳහා විශේෂ තාක්ෂණික ක්‍රමවේදයන් භාවිත කිරීමට රේගු නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බවද වාර්තා වෙයි.

ඊට අදාළ ගැසට් නිවේදනය ඉදිරි සතිය තුළ නිකුත් කරන බවද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.

විදෙස්ගතව පැමිණෙන ශ්‍රමිකයින්ට හෝ සාමාන්‍ය ගුවන් මගීන්ට අදාළ තීරණයෙන් කිසිඳු පීඩාවක් ඇති නොවන බව ඒ මහතා වැඩිදුරටත් කියා සිටී.

Trending

Exit mobile version