පුවත්

කතට අතවර කළ සැරයන්ගේ වැඩ තහනම්

Published

on

බිංගිරිය පොලිස් ස්ථානයේ ආපනශාලාවක් තුළදී එහි ආපනශාලාවේ සේවය කළ කාන්තාවකට ලිංගික අතවර කළ බව කියන සැරයන්වරයාගේ වැඩ තහනම් කළ බව කුලියාපිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.

මෙසේ වැඩ තහනමට ලක්කර ඇත්තේ, බිංගිරිය පොලිසියේ සේවයේ කළ පොලිස් සැරයන්වරයෙකි.

බිංගිරිය පොලිස් ස්ථානයේ ආපනශාලාව පවත්වාගෙන ගිය වීරපොකුණ ප්‍රදේශයේ කාන්තාවකට ලිංගික අතරවර කළ බවට පොලිස්පතිවරයාට යොමු කළ පෙත්සමකට අනුව එහි විමර්ශන කටයුතු සිදුකරන ලෙස කුලියාපිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට පොලිස්පති විසින් නියෝග කරන ලදී.

ඒ අනුව, බිංගිරිය පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඒ පිළිබඳ විමර්ශනයක් සිදුකර සැකකාර සැරයන්වරයා අත්අඩංගුවට ගෙන හෙට්ටිපොළ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම සිදුවිය.

කෙසේ වෙතත්, එම සැරයන්වරයා විසින් සිදුකරන ලද විෂමාචාර ක්‍රියාව හේතුවෙන් ඔහුගේ වැඩතහනම් කරන ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් දැනුම් දී ඇත.

Trending

Exit mobile version