Connect with us

පුවත්

කතරගම කපු සොමිපාල අතුරුදහන් බවට CID පැමිණිල්ලක්

Published

on

රුහුණු කතරගම මහා දේවාලයේ ප්‍රධාන කපු ධුරන්දර ටී. සොමිපාල මහතා සති දෙකක් තිස්සේ අතුරුදන් වීම සම්බන්ධව කොළඹ අපරාධ කොට්ඨාසය වෙත පසුගිය 22 වැනිදා ප්‍රධාන කපුවාගේ මුණුපුරෙක් විසින් පැමිණිල්ලක් කර ඇතැයි වාර්තා වේ.

ඔහුව සොයා ගැනීමට නොහැකි වීම නිසා දේවාලයේ කටයුතු අඩපණ වන බවත් එහි පෞරාණික දේවල්වලට ආරක්ෂාවක් නොවන බවත් පෙන්වා දෙමින් පැමිණිල්ල ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ.

කතරගම – රුහුණු මහා දේවාලයේ 12 වන බස්නායක නිලමේවරයා වන ඩිෂාන් ගුණසේකර හා කතරගම ප්‍රධාන කපුවා වන සොමිපාල මහතා අතර ගැටුමක් දුරදිගයාම හේතුවෙන් මේ සියලු ප්‍රශ්න පැනනැගී ඇතැයි ද මේ අතර වාර්තා වේ. 

මේ අතර,ප්‍රධාන කපුවා ඇතුළු අනෙකුත් කපුවන් දේවාලයට ලැබෙන රත්රන් සහ මුදල් නිවෙස්වලට රැගෙන යන බවට රටපුරා ප්‍රචාරය වීමත් සමග බැතිමතුන් පූජාවට්ටිවලට දහස් ගණනින් දුන් මුදල් 50%කින් පමණ අඩු වී ඇතැයි ද පැවසේ.

එහි පැමිණෙන බැතිමතුන් කපුවන්ට පඬුරු තැබීම පසෙක තබා කතරගම මහා දේවාලයේ ප්‍රධාන කාර්යාලයේ ඇති මහරගම පිළිකා රෝහලේ සංවර්ධන අරමුදලට මුදල් පරිත්‍යාග කිරීම ඉහල ගොස් ඇති බවද වාර්තා වේ.

රන් තැටිය අතුරුදන් වීම සම්බන්ධව ප්‍රධාන කපුවා හා ගබඩාරාල වන චූටි කපුවා අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපති දුන් නියෝගය මාධ්‍ය මගින් ප්‍රචාරය වීමත් සමග බැතිමතුන් විසින් පූජාවට්ටිවලට රුපියල් දහස් ගණනින් මුදල් නෝට්ටු ලබාදීම නතර කර තිබේ.

මහා දේවාලයට ගොස් කපුවන් හමුවේ යාතිකා කිරීම වෙනුවට බැතිමතුන් කිරිවෙහෙර පසුපස දේවාලයට හා අභිනවාරාමයේ දේවාලයට යාමටද පටන්ගෙන ඇති බවද අනාවරණය විය.

කතරගම දේවාලයට ගතවූ මාස 11 තුළ පඬුරු පෙට්ටියට බැතිමතුන් දමන කුඩා පඬුරු මුදල්වලින් පමණක් රුපියල් ලක්ෂ 3450ක් එකතුවී තිබිණි. මේ වනතෙක් දේවාලයේ කපුවන් වෙත පූජාවට්ටි වෙත තබා පඬුරු ලෙස දෙන මුදල් මීට වඩා හතර පස් ගුණයකින් වැඩි බව අනාවරණය විය.

පුවත්

අල්ලස් කොමිසමෙන් රනිල්ට දින දෙයි

Published

on

By

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එළැඹෙන 25 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින එම කොමිසම දන්වා තිබේ.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.

ඒ අනුව එළැඹෙන 25 වැනිදා පෙරවරු 09.30ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අල්ලස් කොමිසම දැනුම් දී තිබේ.

සබැඳි පුවත් :

අල්ලස් කොමිසමට කැඳවීම ගැන රනිල්ගෙන් නිවේදනයක්

Continue Reading

පුවත්

දේශබන්දුට අධිකරණයෙන් නියෝගයක්

Published

on

By

අධිකරණයෙන් ඇප ලබා පිටව යාමේදී අධිකරණ නියෝග කඩවන ආකාරයෙන් ක්‍රියාකිරීම සම්බන්ධයෙන් එළඹෙන අප්‍රේල් 25වනදා මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස රාජකාරී අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සහ ඔහුව අධිකරණයෙන් පිටතට රැගෙනයාමට භාවිත කළ මෝටර් රථයේ හිමිකරුට නියෝග කර තිබේ.

මාතර මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය ලබාදී තිබේ.

ඒ ඉකුත් අප්‍රේල් මස 10වනදා දේශබන්දු තෙන්නකෝන් ඇප ලබා මාතර මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයෙන් පිටව යාමේදී අධිකරණ නියෝග කඩ කර ඇති බවට නීතිපතිවරයා මෝසමක් මගින් අද (21) අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් අනතුරුවයි.

Continue Reading

පුවත්

මුළු ආණ්ඩුවක් එක්ක තනි මම රැම්බෝ වගේ (වීඩියෝ)

Published

on

By

මුළු ආණ්ඩුවක් සමඟම තමන් තනිව, සුප්‍රකට හොලිවුඩ් වීරයෙකු වන රැම්බෝ මෙන් සටනක නිරතව සිටින බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

පිල්ලෙයාන් රැදවුම්භාරයට ගනිමින්, ඉන් පසුව, පිල්ලෙයාන් හෙළිදරව්වක් සිද්ධ කලා යැයි කියමින් යම් කිසි පාර්ශ්වයක් අත්අඩංගුවට ගැනීමට රජය දියත් කර තිබුණු කුමන්ත්‍රණය, තමන් උපායශීලීව පිල්ලෙයාන් හමුවීමට යාම නිසා කඩාකප්පල් වූ බව ගම්මන්පිල මහතා විසින් පෙන්වා දෙනු ලබයි.

විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved