Connect with us

පුවත්

කතරගම දේවාලයේ පොල් ගැසීම 90%කින් පහළට

Published

on

බැතුමතුන් කතරගම දේවාලය ඉදිරිපිට පොල් ගැසීම සියයට 90කින් පමණ අඩු වී ඇතැයි වාර්තා වේ.

කතරගම පූජා භූමිය වැඳපුදාගන්නට යන බොහෝ බැතිමතුන් පූජා වට්ටිය සමග පොල් ගැසීමට පොල් ගෙඩියක් රැගෙන යාමට අමතක නොකරති.

ශාන්තිකර්මවලදීද පොල් ගෙඩියට හිමිවනුයේ සුවිශේෂී ස්ථානයකි. කතරගම ගොස් පොල් ගෙඩියක් නොගැසූ කෙනෙක් සොයාගැනීමට බැරි තරමටම එය සාමාන්‍යකරණය වී තිබේ.

කෙනෙක් තම යහපත, වස්දොස් දුරුකර ගැනීම තකා දෙවියන් ඉදිරියේ පොල් ගසයි. තවත් අයෙක් අනුන්ගේ ජීවිතය විනාශවේවා, භංගවේවායි පතමින් පොල් ගසයි.

ඒ කෙසේ වෙතත් වර්තමානයේ රටෙහි පවතින අධික පොල් මිල හමුවේ බැතිමතුන් පොල් ගැසීමෙන් වැළකී සිටින බව අප වාර්තාකරු පැවසීය.

මේ වනවිට කතරගම ප්‍රදේශයේ පොල් ගෙඩියක් රුපියල් 160ක මිලකට අලෙවි වේ.

පොල් හිඟය හේතුවෙන් මේ වනවිට පොල්තෙල් මිල ද ඉහළ ගොස් ඇති අතර, ආගමික ස්ථානවල පහන් දැල්වීම ද අවම වී ඇතැයි අප වාර්තාකරු පැවසීය.

සෙල්ල කතරගම ගඟේ ගණදෙවි කෝවිලේ පුජක ජනක දිසානායක සාමිවරයා සඳහන් කළේ, බැතිමත්හු පොල් වෙනුවට තැඹිලි තබන බවය.

පුවත්

කෙහෙළිය පවුලටම අධිචෝදනා

Published

on

By


මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ, දියණියන් තිදෙනා හා බෑනාට එරෙහිව අල්ලස් කොමසම අද (26) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කළේය.

චෝදනා 43ක් යටතේ මෙම අධිචෝදනා ගොනුකර තිබේ.

Continue Reading

පුවත්

බූස්සේ ගෙල වැලලාගත් රැඳවියෙක් මරුට

Published

on

By

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ අපරාධකරුවන් රඳවා සිටින සිරමැදිරියක රඳවා සිටි රැඳවියෙකු අද (26) දහවල් ගෙල වැලලාගෙන තිබේ.

සිරමැදිරියේ ගෙල වැලලාගෙන සිටියදී නිලධාරීන් විසින් ඔහුව මුදාගෙන රෝහල්ගත කර තිබේ.

රැඳවියා ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර රෝහල්ගත කිරීමෙන් පසු ඔහු මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ බිම්සර අමල් නමැති කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවද වාර්තා වේ.

Continue Reading

පුවත්

සජින් වාස්ට නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවයි

Published

on

By

රුපියල් ලක්ෂ 369ක ආදායම් බදු මුදල් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් ගොනුකර තිබූ නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා, අද (26) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වීමෙන් පසු ඔහුට නිකුත් කර තිබූ වරෙන්තුව ආපසු කැඳවීමට නියම කර ඇත.

සැකකාර සජින් වාස් ගුණවර්ධන මහතා තම නීතිඥවරයා මාර්ගයෙන් අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල හමුවට ඉදිරිපත් විය.

මහේස්ත්‍රාත්වරයා විසින් වරෙන්තුව ආපසු කැඳවීමට නියම කර, සැකකරු රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප හතරක් මත මුදා හැරීමට නියෝග කරන ලදී.

සබැඳි පුවත්

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved