Connect with us

පුවත්

කතරගම ප්‍රධාන කපුරාල ට ඇප (Update)

Published

on

ඓතිහාසික කතරගම දේවාලයට පූජා කර තිබූ පවුම් 38 ක් බර රන් තැටියක් අස්ථානගත කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම දේවාලයේ ප්‍රධාන කපු මහතා වන සොමිපාල ටී රත්නායක රු. ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස තිස්සමහාරාම මහේස්ත්‍රාත් තරිඳු සමීර සිල්වා මහතා අද (27) නියෝග කළේය.  

සැකකරු අද දිනයේදී කොළඹ අපරාධ දෙපාර්තමේන්තුවට භාර වීමෙන් අනතුරුව ඔහුව අත්අඩංගුවට ගෙන තිස්සමහාරාම අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.


(පෙර පුවත: 2023 දෙසැම්බර් 27, ප.ව.01:47)

කතරගම ‘ලොකු කපුවා‘ CCD අත්අඩංගුවට

රුහුණු කතරගම දේවාලයේ රන් බන්දේසියක් අතුරුදහන් වීමේ නඩුවට චෝදනා එල්ල වී සිටි එම දේවාලයේ ප්‍රධාන කපුවා වන සොමිපාල ටී රත්නායක මහතා අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි.

අද (27) උදෑසන ඒ මහතා කොළඹ අපරාධ කොට්ඨාසයට භාරවීමෙන් අනතුරුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, තිස්සමහාරාම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

සොමිපාල ටී. රත්නායක මහතා අතුරුදන්ව ඇති බවට ඔහුගේ දියණිවරුන් සහ තවත් පවුලේ ඥාතීයෙකු කතරගම පොලීසියට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබිණි.

මීට පෙර ගබඩා භාරකරු වු සමන් ප්‍රියන්ත නොහොත් චූටි කපුවා ඉකුත් 19 දින නීතිඥවරයකු මාර්ගයෙන් කොළඹ අපරාධ කොට්ඨාසයට භාරවීමෙන් පසු, තිස්සමහාරාම අධිකරණය වෙත ඉදිරිපත් කර ඇප මත මුදාහැර තිබුණි.

රත්‍රං පවුම් 38ක් බරැති රන් තැටියක් දේවාලයේ ගබඩාවෙන් අතුරුදහන් විම සම්බන්ධයෙන් සැකකාර ප්‍රධාන කපුවාගෙන් පැය 03කට ආසන්න කාලයක් ප්‍රකාශ ලබාගත් බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීයෙක් වැඩිදුරටත් කියා සිටී.

සබැඳි පුවත්:

කතරගම ‘චුටි කපුරාල’ ට ඇප

කතරගම කපු සොමිපාල අතුරුදහන් බවට CID පැමිණිල්ලක්

කතරගම දේවාල භාරකරුවෙක් CCDයට භාරවෙයි

කතරගම මහ කපු සොමිපාල අත්අඩංගුවට ගන්න සොයයි

පුවත්

දෙහිවල සිටි “මැකො” උස්සලා

Published

on

By

දෙහිවල ජාතික සත්වොද්‍යානයේ කූඩුවක රඳවා සිටි රුපියල් ලක්ෂ පහකට අධික වටිනා නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු සොරාගෙන ගොස් ඇතැයි දෙහිවල පොලිසිය කියයි.

එම ගිරවුන් රඳවා සිටින කූඩුවේ ඉබි යතුරු කඩා ඇති බව ඉකුත් 5 වෙනිදින  පෙරවරුවේ රාජකාරී සඳහා පැමිණි කූඩුව භාරකරු ඒ බව දැක පාලනාධිකාරිය දැනුම්වත් කිරීමෙන් අනතුරුව ආරක්ෂක නිලධාරියකු විසින් මෙකී පැමිණිල්ල සිදුකර ඇත

එම මැකෝ ගිරවා සමඟ තවත් ගිරවුන් 29 කු එම කූඩුව තුළ රඳවා තිබි ඇතැයි පොලිසිය කියයි. 

මෙම ගිරවා කිසියම් පුද්ගලයකුත් සොරාගෙන යන අයුරු අසල වෙළඳ සැලක සවිකරන තිබෙන සී සිටීවී කැමරාවක ද සටහන් වේ.

මෙම කූඩුවේම රඳවා සිටි නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු 2021 වසරේ අගෝස්තු මස 8 වෙනිදින  නැති වූ අතර එම ගිරවා රත්මලාන ප්‍රදේශයේ නිවසක රඳවා සිටියදී පසුව සොයාගෙන තිබිණි

Continue Reading

පුවත්

රත්මලානේ 4ක් පොලොන්නරුවේදී ගිලී මරුට

Published

on

By

පොළොන්නරුව, අරලගන්විල ප්‍රදේශයේ පහළ ඇල්ලේ වැවේ ගිලීමෙන් පුද්ගලයින් හතර දෙනෙකු මිය ගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, රත්මලාන ප්‍රදේශයේ සිට ඥාති නිවසකට පැමිණි පිරිසක් එලෙස අනතුරට ලක්ව ඇති බවයි.

අනතුරින් මියගොස් ඇත්තේ, කාන්තාවන් තුන්දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකි.

Continue Reading

පුවත්

බන්ධනාගාර කොමසාරිස් අදත් CIDයට කැඳවලා

Published

on

By

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා දෙවැනි වරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇතැයි වාර්තා වේ.

ඒ, ජනපති සමාව ලැබුණු බව පවසමින්, අනුරාධපුර බන්ධනාගාර රැඳවියෙකු නිදහස් කිරීම ගැන ප්‍රකාශයක් ගැනීමට බව පැවසේ. 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved