කතරගම පූජා භූමි සැලසුම් යෝජනා ක්‍රමය යටතේ ඉදිකෙරුනු ලැබූ රජයේ විශ්‍රාම ශාලා ගොඩනැගිල්ල අවුරුදු 05ක කාලසීමාවක් සඳහා නඩත්තු කර පවත්වාගෙන යාම පිණිස කිරිවෙහෙර රජමහා විහාරස්ථානයට පවරා දී තිබුණු අතර, එම කාල සීමාව අවසානයේදී එම විශ්‍රාම ශාලාව යළිත් ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවට භාර ගෙන ඇත.
විහාරාධිපති හිමියන් කළ ඉල්ලීමට අනුව, යළිත් පස් වසරක කාලයක් සඳහා එම ගොඩනැගිල්ල යළිත් කිරිවෙහෙර රජමහා විහාරස්ථානයට පවරා දීමට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කර යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවී ඇත.