Connect with us

පුවත්

කතරගම හිටපු ප්‍රාස සභාපති CID අත්අඩංගුවට

Published

on

කතරගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අශෝක වික්‍රමසිංහ මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

ගෝඨාභය රාජපක්ෂ මහතාට අයත් මැණික් ගඟ ආසන්නයේ ඇති ඉඳිකිරීමක් සම්බන්ධයෙන් ලබාදුන් අක්‍රමවත් අනුමැතියක් හේතුවෙන් ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

පුවත්

පාස්කු උත්සවයට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්

Published

on

By

පාස්කු උත්සවය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බව පොලිස් මුලස්ථානය නිවේදනය කරයි.

කිතුනු බැතිමතුන්ගේ පාස්කු උත්සවයේ දේව මෙහෙයන් 2025.04.18 හා 2025.04.20 වන දිනයන්හි පැවැත්වෙන බැවින් එම දිනයන්හි බැතිමතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙලෙස විශේෂ පොලිස් ආරක්ෂාවක් යෙදවීමට නියමිතය.

ඒ සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් සියලුම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, කොට්ඨාස භාර නිලධාරීන් ඇතුළු සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත උපදෙස් ලබාදී ඇත.

බැතිමතුන් වැඩි වශයෙන් පැමිණීම සිදුවිය හැකි දේවස්ථාන හඳුනාගෙන එම ස්ථානයන්හි හා ඒ අවට ආරක්ෂාව තහවුරු කිරීමත්, ප්‍රධාන දේව මෙහෙයන් පැවැත්වෙන දේවස්ථාන සඳහා වැඩි අවධානයක් යොමු කර ආරක්ෂක පියවර ගන්නා ලෙසටත් වැඩබලන පොලිස්පතිවරයා වැඩිදුරටත් උපදෙස්දී ලබාදී ඇති අතර, මේ සඳහා පොලිස් නිලධාරීන්, විශේෂ කාර්ය බළකාය හා ත්‍රිවිධ හමුදා නිලධාරීන් රාජකාරියේ යෙදවීමට නියමිතය.

Continue Reading

පුවත්

හෙටත් රස්නෙ ගැන අවධානෙන්

Published

on

By

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට හෙට(18) දිනයේ දී ද මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය අවධානය යොමුකළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව උතුරු, උතුරු මැද, වයඹ, බස්නාහිර, දකුණ සහ නැගෙනහිර පළාත් වල මෙන්ම, රත්නපුර, මොණරාගල දිස්ත්‍රික්ක ඒ අතරට ඇතුළත් වේ.

එම ප්‍රදේශවල ජනතාව එළිමහනේ අධික වෙහෙසකාරී කටයුතු සීමාකරන ලෙසත්, ප්‍රමාණවත් තරම් ජලය පානය කරන ලෙසත් එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දී තිබේ.

Continue Reading

පුවත්

බුද්ධි නිලධාරියෙකු ඇතුළු 5ක් අත්අඩංගුවට

Published

on

By

දෙවුන්දර – හුම්මාන මාර්ගයේ රාත්‍රී ජංගම මුර සංචාරයේ යෙදී සිටි පොලිස් විශේෂ කාර්ය බළකායේ දෙවුන්දර කදවුරේ නිලධාරින් විසින් මෝටර් රථයක සඟවා තිබූ රුපියල් තුන්කෝටි විසිඅට ලක්ෂ හතළිස් දහසක මුදලක් හා ග්‍රැම් 150ක ප්‍රමාණයෙන් යුත් රන් භාණ්ඩ සොයාගෙන ඇත.

මෙම නිලධාරීන් අද (17) අලුයම 4ට පමණ මාර්ගයේ ගමන්කරමින් තිබූ සැකකටයුතු මෝටර් රථයක් නවත්වා පරික්ෂා කර බැලීමේදී මෙම මුදල් හා රන් භාණ්ඩ සොයාගෙන තිබේ.

ඒ අනුව මෙම මුදල් හා රන් භාණඩ සමග පුද්ගලයින් 5 දෙනෙකු සැකපිට පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින්ගේ අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට පත් පිරිස අතර බස්නාහිර පළාත් බුද්ධි මූලස්ථානයට අනුයුක්තව සේවය කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයෙකු සිට ඇති අතර, ඔහු මෝටර් රථයේ රියදුරු ලෙස සිට ඇති බව පොලීසිය පවසයි.

මෙම පොලිස් නිලධාරියාගේ මහගෙදර පිහිටි මාතර වේරදුව ප්‍රදේශයේ නිවසක මිතුරන් සමග සාදයක් පවත්වා ඇත.

එය අවසන් වී දෙවුන්දර ප්‍රදේශයේ පදිංචි මිතුරන් නිවෙස් වෙත ඇරලවිම සඳහා ගමන් කරමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට පත්ව තිබේ.

මෙම අවස්ථාවේ සිදුකළ ප්‍රශ්නකිරීම්වලදී අදාළ පොලිස් නිලධාරියා පවසා ඇත්තේ මෙම මුදල් විදේශගතව සිටින සහෝදරියකගෙන් ලැබුණු බවයි.

කෙසේ නමුත් සිදුකරන ප්‍රකාශවල පරස්පරතා පවතිනා බව වි⁣ශේෂ කාර්ය බලකායේ නිලධාරින්ට හෙළිවී ඇත.

ඒ සිදුකළ පරීක්ෂාකිරීමේ දී අනාවරණය වී ඇත්තේ ඔවුන් ගමන්කරමින් සිටි මෝටර් රථය දෙනිපිටිය ප්‍රදේශයේ කාන්තාවකගේ නමින් ලියාපදිංචි කර ඇති බවයි.

එමෙන්ම ඇය මෙම පොලිස් නිලධාරියාගේ ඥාති සහෝදරියක් බවට මූලික පරික්ෂණවලින් අණාවරණය වී ඇත.

අත්අඩංගුවට පත් සැකකරුවන් වයස අවුරුදු 45 -50 අතර වයස්වල පසුවන දෙවුන්දර, ⁣මාතර වේරදුව, උඩුපීක්වැල්ල හා කැලණිය යන ප්‍රදේශ වල පදිංචිකරුවන්ය.

ඔවුන් අද (17) මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ මගින් සිදුකරනු ලබයි.

(අද දෙරණ)

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved