බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ස්ථිර නොකළ කථිකාචාර්යවරයකු ලෙස කටයුතු කළ ඇත්කඳුරේ සුමනසාර හිමියන්ගේ විෂමාචාර චෝදනා පිළිබඳ විධිමත් විනය පරීක්ෂණ අවසන් වනතුරු එම හිමියන්ගේ විශ්වවිද්‍යාල සේවාව අත්හිටුවා ඇති බව විශ්වවිද්‍යාල පරිපාලනය පවසයි.
රාජකාරි පැහැර හැරීම, විෂමාචාරයේ යෙදීම, විශ්වවිද්‍යාලය අපකීර්තියට පත්කිරීම, අවිනීතව හැසිරීම, තනතුර අවභාවිත කරමින් විදේශ ගතවීම මෙම ස්වාමීන් වහන්සේට එල්ල කළ චෝදනා අතර වෙයි.
එම චෝදනා අතර කඩුවෙල දිසා අධිකරණයේ 3063 ඩී යටතේ ගොනු කර ඇති දික්කසාද නඩුවේ ඇත්කඳුරේ සුමනසාර හිමියන් සම විත්තිකරුවකු ලෙස නම් කොට ඇති හෙයින් විශ්වවිද්‍යාලය අපකීර්තියට පත්කිරීමේ චෝදනාවද වෙයි.
ඒ අනුව චෝදනා එකොළහක් සම්බන්ධව විනය පරීක්ෂණ ක්‍රියාත්මක වන බව විශ්වවිද්‍යාල ආරංචි මාර්ග පවසයි.
ඇත්කඳුරේ සුමනසාර හිමියන් “සාර්ථක පවුල් ජීවිතයකට” යැයි කියමින් රූපවාහිනියේ උපදෙස් ලබාදීමේ වැඩසටහනක් සඳහා ද දායකව අයෙක් වන අතර කතාවෙන් කාන්තා ආකර්ශනය ලබා ගැනීමට දක්ෂයෙකු ලෙස උන්වහන්සේ ප්‍රකට බවද පැවසේ.
කථිකාචාර්ය හිමිනම විසින් තම බිරිඳ සමග අනියම් ඇසුරක් පවත්වාගෙන යන්නේ යැයි චෝදනා කරමින් එහිමිනම වැඩවෙසෙන පන්සලේ දායකයකු විසින් බිරිඳගෙන් දික්කසාදය ලබා ගැනීමටත්, සුමනසාර හිමිගෙන් රුපියල් කෝටි දෙකහමාරක වන්දියක් ඉල්ලා නඩු පවරා ඇත.
තම බිරිද නිවාස දෙකක රඳවා තබා ගනිමින් මෙම හිමියන් ගත කරන ජීවිතය ගැන වීඩියෝ සාක්ෂි අධිකරණයට ඉදිරිපත් කිරීමට පැමිණිලිකරු කටයුතු කර තිබේ.