Connect with us

පුවත්

කතෝලික සභාව නිදහස් උත්සවය වර්ජනය කරයි

Published

on

75 වැනි නිදහස් උත්සව සැමරීමට එක් නොවීමට කතෝලික සභාව තීරණය කළ බව කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා පැවැසුවේය.

අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී පියතුමා මේ බව සඳහන් කළේය.

“විදේශීය ණය වාරික ගෙවා ගන්න බැරි රටක, රටේ ජනතාවගෙන් සියයට 30ක් බඩගින්නේ ඉන්න රටක, අවුරුදු 5ට අඩු ළමයින්ගෙන් සියයට 33.4ක් මන්දපෝෂණයෙන් පෙළෙන රටක, බොහෝ දෙනෙකුට රැකියා අහිමිවෙමින් තිබෙන රටක, කුඩා කර්මාන්ත කඩා වැටෙන රටක, නීතියේ ආධිපත්‍ය දරුණු ලෙස බිදී ඇති රටක, ජනතාවගේ භාෂනයේ ප්‍රකාශනයේ බාධා ඇති රටක, ජනතාවගේ නිදහස දැඩි ලෙස විභාග ලෙස විනාශ කර ඇති රටක, උසස්පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාවේ පැය 24ම විදුලිය දෙන්න බැරි රටක, සෞඛ්‍ය අංශයට ප්‍රමාණවත් ලෙස බෙහෙත් නැති රටක අභිමානවත් ලෙස සැමරිය හැකි නිදහස කුමක්ද කියා අපි ප්‍රශ්න කරනවා.

රුපියල් මිලියන 200ක් වැනි මුදලක් වැය කර මේ සා පුහු නිදහස් උත්සවයක් පැවැත්විම ජනතාවට ඒරෙහිව කරන මහා අපරාධයක් හා නාස්තියක්. 75 වැනි නිදහස් උත්සවය පැවැත්වීමට මේ සා විශාල මුදලක් විනාශ කිරීම අපි දැඩි ලෙස හෙළා දකිනවා.

75 වැනි නිදහස සැමරීමේදී කළ යුතුව තිබුණේ පසුගිය වසර 75ක කාලය තුළ මේ රට කාබාසිනියා කරපු දේශපලාන පක්ෂ නායකයන් රටේ ජනතාවගෙන් සමාව ඉල්ලීමයි.

අපි මේ නිදහස් උත්සවය උත්සවාකරයෙන් සැමරීම ප්‍රතික්ෂේප කරනවා. කතෝලික සභාව නියෝජනය කරන කිසිම කෙනෙක් එයට සහභාගී වෙන්නේ නෑ.”

(අද)

පුවත්

අල්ලස් කොමිසමෙන් රනිල්ට දින දෙයි

Published

on

By

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එළැඹෙන 25 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින එම කොමිසම දන්වා තිබේ.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.

ඒ අනුව එළැඹෙන 25 වැනිදා පෙරවරු 09.30ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අල්ලස් කොමිසම දැනුම් දී තිබේ.

සබැඳි පුවත් :

අල්ලස් කොමිසමට කැඳවීම ගැන රනිල්ගෙන් නිවේදනයක්

Continue Reading

පුවත්

දේශබන්දුට අධිකරණයෙන් නියෝගයක්

Published

on

By

අධිකරණයෙන් ඇප ලබා පිටව යාමේදී අධිකරණ නියෝග කඩවන ආකාරයෙන් ක්‍රියාකිරීම සම්බන්ධයෙන් එළඹෙන අප්‍රේල් 25වනදා මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස රාජකාරී අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සහ ඔහුව අධිකරණයෙන් පිටතට රැගෙනයාමට භාවිත කළ මෝටර් රථයේ හිමිකරුට නියෝග කර තිබේ.

මාතර මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය ලබාදී තිබේ.

ඒ ඉකුත් අප්‍රේල් මස 10වනදා දේශබන්දු තෙන්නකෝන් ඇප ලබා මාතර මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයෙන් පිටව යාමේදී අධිකරණ නියෝග කඩ කර ඇති බවට නීතිපතිවරයා මෝසමක් මගින් අද (21) අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් අනතුරුවයි.

Continue Reading

පුවත්

මුළු ආණ්ඩුවක් එක්ක තනි මම රැම්බෝ වගේ (වීඩියෝ)

Published

on

By

මුළු ආණ්ඩුවක් සමඟම තමන් තනිව, සුප්‍රකට හොලිවුඩ් වීරයෙකු වන රැම්බෝ මෙන් සටනක නිරතව සිටින බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

පිල්ලෙයාන් රැදවුම්භාරයට ගනිමින්, ඉන් පසුව, පිල්ලෙයාන් හෙළිදරව්වක් සිද්ධ කලා යැයි කියමින් යම් කිසි පාර්ශ්වයක් අත්අඩංගුවට ගැනීමට රජය දියත් කර තිබුණු කුමන්ත්‍රණය, තමන් උපායශීලීව පිල්ලෙයාන් හමුවීමට යාම නිසා කඩාකප්පල් වූ බව ගම්මන්පිල මහතා විසින් පෙන්වා දෙනු ලබයි.

විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved