Connect with us

පුවත්

කථානායකගෙන් ජනපති අනුරට ශුභාශිංසන

Published

on

නව විධායක ජනාධිපතිවරයකු සමඟ ශ්‍රී ලංකාව අරඹන නව ගමනට හදවතින්ම සුබ පතන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.

සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් කථානායකවරයා මෙලෙස නව ජනාධිපතිවරයාට ශුභාශිංසන එක්කර තිබුණි.

ලාංකීය පුරවැසියන් සිය මවුබිම අනාගත ලෝකය කරා ගෙනයාමේ නව නියමුවා ලෙස අනුර කුමාර දිසානායක මැතිතුමන් තෝරාගත් බව මැතිවරණ කොමිසම විසින් නිල වශයෙන් සනාථ කර ඇති බවද කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා එම සටහන මගින් දැනුම් දී තිබේ.

එම සටහන පහතින් දක්වා ඇත

“සුභාශිංසනයයි..,

ලාංකීය පුරවැසියන් සිය මවුබිම අනාගත ලෝකය කරා ගෙනයාමේ නව නියමුවා ලෙස අනුර කුමාර දිසානායක මැතිතුමන් තෝරාගත් බව මැතිවරණ කොමිසම විසින් නිල වශයෙන් සනාථ කර තිබේ..

මෙරට නම වන විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මැතිතුමන් ජයග්‍රහණය කිරීම රට පුරා මහජනයා විසින් සිය ජන්දය අතිශය සාමකාමීව භාවිතය මඟින් ඇති කළ වෙනසක් බව මගේ නිරීක්ෂණය යි..

කිසිදු බරපතළ ගණයේ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවකින් තොරව මෙවන් ප්‍රතිඵලයක් අත්පත් කරගැනීමේ ගෞරවය නිසැකවම ජය – පැරදුම එක ලෙස විඳින්නට තීරණය කළ අපගේ ජනාධිපති අපේක්ෂකයන් ගේ ජයක් මෙන්ම, මැතිවරණ කොමිසමේ, ත්‍රිවිධ හමුදා, පොලිසිය ප්‍රමුඛ ආරක්ෂක අංශයේ මෙන්ම දැනුවත් පුරවැසියාගේද ප්‍රජාතන්ත්‍රවාදයේ ද සැබෑ ජයග්‍රහණයකි..

අනුර කුමාර දිසානායක මැතිතුමන් කෙරෙහි ඇති වූ මේ මහජන විශ්වාසය එක රැයින් පහළ වූවක් නොව පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ දීර්ඝ කලක් නියුක්ත වීමේ ප්‍රතිඵලයක් බවද මෙහිදී පෙන්වා දිය යුතුය..

වර්තමානයේ ඔහු ඉදිරියේ ඇත්තේ පහසු අභියෝගයක් නොවේ..

අපගේ සමාජ, ආර්ථික,දේශපාලනික දේහයේ විචල්‍යතා මැනවින් හඳුනාගන්නා අතරෙහි ගෝලීය භූ දේශපාලනික ප්‍රවණතා අතර නොගැටෙමින් හෙතෙම මේ දීර්ඝ ගමන තිරසාරව යා යුතුය..

ඒ සඳහා ප්‍රමාණවත් දේශපාලන අධ්ෂ්ඨානය ඔහු සතු බව මගේ විශ්වාසයයි..

නව විධායක ජනාධිපතිවරයකු සමඟ ශ්‍රී ලංකාව මේ අරඹන නව ගමනට හදවතින්ම සුබ පතමි..

මහින්ද යාපා අබේවර්ධන,

කථානායක ,

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.”

පුවත්

ඔරුගොඩවත්තේ මාරක අනතුරක්

Published

on

By

අද (26) අලුයම 2.30ට පමණ ඔරුගොඩවත්ත ප්‍රදේශයේ දී කන්ටේනර් රථයක් ත්‍රිරෝද රථයක් මතට පෙරළී අනතුරක් සිදුව තිබේ.

ඔරුගොඩවත්ත ආලෝක සංඥා පුවරුව අසලදී අවිස්සාවේල්ල දෙසින් පැමින ඉඟුරුකඩේ දෙසට හැරවූ ප්‍රයිම් මුවර් රථයක් බහාලුමත් සමග පෙරලීයෑමෙන් මෙම  අනතුර සිදුව තිබේ.

අනතුරින් ත්‍රිරෝද රථ රියදුරු බරපතළ තුවාල ලබා ඇති අතර, කොළඹ ගිනිනිවීමේ ඒකකය සහ ප්‍රදේශවාසීන් එක්ව ඔහුව රෝහල් ගත කර ඇත.

ඡායා – Accident 1st

Continue Reading

පුවත්

ශ්වසන රෝග ව්‍යාප්තිය ඉහළට

Published

on

By

පවතින වැසි තත්ත්වය හමුවේ, ශ්වසන රෝගය ව්‍යාප්තිය ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය අතුල ලියනපතිරණ මහතා සඳහන් කළේ, කුඩා ළමුන්, වයස්ගත පුද්ගලයින්, ගර්භනී මව්වරුන් හා නිදන්ගත රෝගවලින් පෙළෙන පුද්ගලයින් මේ පිළිබඳ වැඩි අවධානයක් යොමුකළ යුතු බවය.

හුස්ම ගැනීමේ අපහසුතා පවතී නම් කඩිනමින්, වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමුවන ලෙස ද සෞඛ්‍ය අංශ විසින් උපදෙස් දෙයි.

Continue Reading

පුවත්

දුම්රිය තාක්ෂණ ශිල්පීන් වැඩ වර්ජනයක

Published

on

By

අතිකාල ගැටලුවක් මුල්කරගනිමින් දුම්රිය තාක්ෂණ ශිල්පීන් සහ දුම්රිය තාක්ෂණ ශිල්පී සහායකයින් අද (26) පෙරවරුවේ සිට සංකේත වර්ජනයක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

ඒ අනුව අද පෙරවරුවේ 7.00 සිට පැය 24ක කාලයක් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා පොදුජන දුම්රිය සේවක සංගමයේ ලේකම් නදීර මනෝජ් මහතා පැවසුවේය.

සිය ගැටලුව සම්බන්ධයෙන් බලධාරීන් දැනුවත් කළ ද මෙතෙක් ඒ සඳහා විසඳුම් ලැබී නොමැති බව ඔහු සඳහන් කළේය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved