Connect with us

පුවත්

කථානායකගෙන් ප්‍රකාශයක්

Published

on

2023.06.29 වැනි දින පැවැත්වූ රජයේ මුදල් පිළිබඳ කාරක සභා රැස්වීමට විපක්ෂ නායකවරයා සහභාගි වූ බවත් එහි දී එතුමාට අදහස් දැක්වීමට ඉඩ ප්‍රස්ථාවක් ලබා නොදුන් බවත් විපක්ෂ නායකවරයා හා විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා විසින් 2023.06.30 වැනි දින පැවැත් වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේ දී සහ 2023.07.01 වැනි දින පාර්ලිමේන්තු සභා ගර්භයේ දී තම අවධානයට යොමු කරන ලද බවත්, ඒ පිළිබඳ තමාගෙන් තීරණයක් ඉල්ලා සිටින ලද බවත් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (05) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

මේ සම්බන්ධයෙන් ස්ථාවර නියෝග හා පාර්ලිමේන්තු සම්ප්‍රදායයන් පිළිබඳ තමන් විසින් අධ්‍යයනයක් කරන ලද බවත් ඒ අනුව, පාර්ලිමේන්තුවේ කථානායක, නියෝජ්‍ය කථානායක, නියෝජ්‍ය කාරක සභා සභාපති, සභානායක හා විරුද්ධ පාර්ශ්වයේ නායක යන තනතුරු සඳහා පාර්ලිමේන්තු ව්‍යූහය තුළ සහ සභාගර්භය තුළ සුවිශේෂ වරප්‍රසාද හිමි වී තිබෙන බැවින් ද මෙම තනතුරු දරන මන්ත්‍රීවරුන්ට කාරක සභාවල කටයුතු පිළිබඳ තොරතුරු ලබා ගැනීමට පුළුල් අවකාශයක් සහ ඉඩකඩක් හිමිවන හෙයින් ද, රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති තනතුර සඳහා ස්ථාවර නියෝග 121(1) ප්‍රකාරව විරුද්ධ පාර්ශ්වයේ මන්ත්‍රීවරයකු පත් වී සිටින බැවින් ද,  මෙබඳු රැස්වීම්වලට විරුද්ධ පාර්ශ්වයේ නායකතුමා සහ හෝ ඉහත සඳහන් වගකිව යුතු තනතුරු දරන අය කැඳවීමට කටයුතු කිරීම යෝග්‍ය නොවන නිසා මෙකී රැස්වීමේ තොරතුරු විපක්ෂ නායකතුමා වෙත ලබා දීමට සභාපතිවරයා විසින් කටයුතු කළ යුතු බව කථානායකවරයා සභාවට අවධාරණය කළේය.

පුවත්

බොරැල්ල කනත්ත වටරවුම ආසන්නයේ ගසක් කඩා වැටෙයි

Published

on

By

බොරැල්ල කනත්ත වටරවුම ආසන්නයේ ගසක් කඩාවැටීමෙන් රථවාහන තදබදයක් ඇතිවී තිබේ.

පොලීසිය සඳහන් කළේ වාහන කිහිපයකට හානි සිදුව ඇති බවය.

මේ වනවිටත් ගස ඉවත්කිරීමේ කටයුතු සිදුකරන අතර ඇතිවී ඇති මාර්ග තදබදය හේතුවෙන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය රියැදුරන්ගෙන් ඉල්ලා සිටී.

Continue Reading

පුවත්

තැපැල් ඡන්ද හිමියන්ට මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්

Published

on

By

තැපැල් ඡන්ද හිමියන්ට සිය ඡන්දය ප්‍රකාශ කරන ස්ථානය හා සහතික කිරීමේ නිලධාරියා හඳුනා ගැනීම සඳහා ‘e’ සේවාවක් ක්‍රියාත්මක බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එම කොමිෂන් සභාව පැවසුවේ මැතිවරණය සඳහා ඉදිරිපත්ව ඇති අපේක්ෂකයින් මෙන්ම ඔවුන්ගේ කණ්ඩායම් සහ පක්ෂ මෙන්ම සලකුණ හඳුනා ගැනීම සඳහා ද මෙමගින් පහසුකම් සලසා ඇති බවය.

eservices.elections.gov.lk යන යොමුව මඟින් මැතිවරණ ‘e’ සේවාව වෙත පිවිස එහි රාජ්‍ය නිලධාරීන් සඳහා වන තැපැල් ඡන්ද තොරතුරු සඳහා වන යොමුව වෙත පිවිස තොරතුරු ලබා ගැනීමේ හැකියාව පවතී.

Continue Reading

පුවත්

අද ගිගුරුම් සහිත වැසි

Published

on

By

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (23) ප.ව. 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, නැගෙනහිර සහ උතුරු පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවය.

බස්නාහිර පළාතෙත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී ද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසීය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved