පුවත්

කන්කසන්තුරේ වරාය සංවර්ධනයට ඉන්දියාවෙන් ආධාර

Published

on

කන්කසන්තුරේ වරාය පුළුල් කර සංවර්ධනය කිරීම පිණිස ඉන්දීය රජය විසින් අමෙරිකානු ඩොලර් මිලියන 65ක මුදලක් ලබා දීමට එකග වී ඇති බව ඉන්දීය මධ්‍යම රජය ඊයේ (08) ප්‍රකාශයට පත් කර තිබේ.

කන්කසන්තුරේ වරාය පුළුල් කොට සංවර්ධනය කිරීම තුළින් ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර වාණිජ කටයුතු සීඝ්‍රයෙන් වර්ධනය කිරීමටද ඉන්දියාව බලාපොරොත්තු වන බව එම නිවේදනයේ සදහන්ය.

ඉන්දියාවේ සිට භාණ්ඩ රැගත් විශාල ප්‍රමාණයේ නැව්වලට කන්කසන්තුරේ වරාය වෙත සේන්දු වීමටත්, භාණ්ඩ පැටවුම් හා ගොඩබෑම විශාල ධාරිතාවයකින් යුතුව සිදු කිරීමට මෙම වැඩසටහන තුළින් අවස්ථාව උදාවන බවද ඉන්දියව ප්‍රකාශ කර තිබේ.

එමෙන්ම යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපළ, යාපනයේ දූපත්වල සුළං බලාගාර, දුම්රිය ප්‍රවාහනය යන ක්ෂේත්‍ර සඳහා ඉන්දියාව මුල්‍ය ආධාර හා ආයෝජන සිදු කර ඇති බවද වැඩිදුරටත් සදහන්ය.

Trending

Exit mobile version