පුවත්

කන්ජිපානි ඉම්රාන්ට ඇප

Published

on

රිමාන්ඩ් බන්ධනාගාරගතකර සිටි සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු යැයි පැවසෙන කන්ජිපානි ඉම්රාන් හෙවත් මොහොමඩ් නජීම් ඉම්රාන් හට අද (20) ඇප නියම කර තිබේ.

අදාල ඇප කොන්දේසි සපුරාලීමෙන් පසු, ඔහුව මෙලෙස  ඇප නියම කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් තීරණය කර ඇත.

ඔහුව රු. මිලියන 05ක ශරීර ඇප මත නිදහස් කරන ලෙසත් ඔහුට විදේශ ගමන් තහනම් කරන ලෙසත් අධිකරණය තීරණය කර තිබේ.

මුලින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර තිබූ කන්ජිපානි ඉම්රාන්ට එරෙහිව, පසුව දන්ඩ නීති සංග්‍රහය යටතේ චෝදනා ගොනුකර තිබුණි.

Trending

Exit mobile version