කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ දෙපිරිසක් අතර ගැටුමක් හට ගෙන තිබේ.
මෙම ගැටුම ආහාර ප්‍රශ්නයක් මුල් කරගනිමින් ඇතිවූවක් බව පැවසේ.
මේ හේතුවෙන් එහි සිටි රැඳවියන් 19 දෙනෙකු තුවාල ලබා ඇත.
තවත් රැඳවියන් 60 දෙනෙකු පමණ පළා ගොස් තිබුණද, ඉන් 25 දෙනකු පමණ මේ වනවිට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බවද වාර්තා වේ.
පලාගිය සෙසු රැඳවියන් අත්අඩංගුවට ගැනීම සඳහා යුද හමුදාව, පොලිසිය විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති නමුත් සෝමාවතිය ප්‍රදේශයේ පවතින ගංවතුර තත්ත්වයන් එම මෙහෙයුමට බාධාවක් වී ඇති බව ආරංචිමාර්ග සඳහන් කරයි.
මෙම ගැටුමෙන් වැලිකන්ද රෝහලට ඇතුළත් කර ඇති රැඳවියන්ගෙන් බරපතල තත්ත්වයේ තුවාල ලැබුවන් කීපදෙනෙකු පොළොන්නරුව මහ රෝහල වෙත මාරු කර යැවීමට පියවර ගෙන තිබේ.