පුවත්

කඳානේ ගින්න නිසා සිසුන් 50ක් රෝහලේ ! ; අයෙක් මරුට

Published

on

කඳාන වීදි මාවත ප්‍රදේශයේ රසායනික ද්‍රව්‍ය නිෂ්පාදන ස්ථානයකට අයත් ගබඩාවක අද (08) උදෑසන හටගත් ගින්නකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එම ආයතනයේ ගණකාධිකාරිවරයා ලෙස සේවය කළ වයස අවුරුදු 50ක් වූ ගනේමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලීසිය පවසයි.

තවද, මෙම ගින්නේ දුමාරය සමඟ ඇති වූ ශ්වසන අපහසුතා හේතුවෙන් පාසල් සිසුන් 50ක් රෝහල්ගත කර ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

එම ස්ථානයට පැමිණ ඇති ගිනි නිවීමේ හමුදාව, ගින්න මැඩ පැවැත්වීම සඳහා මහත් පරිශ්‍රමයක් දරන බව වාර්තා වේ.

Trending

Exit mobile version