පුවත්

කඳානේ නිවසට වෙඩි තැබූ සැකකරුවකු STF එක අල්ලාගනියි

Published

on

කඳාන ප්‍රදේශයේ ව්‍යාපාරියකුගේ නිවසට පසුගිය දා වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවකු අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කර්ය බලකාය ප්‍රකාශ කරයි.

මෙසේ අත්අඩංගුවට ගැනුණු 26 හැවිරිදි සැකකරු දැනට විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධ කරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බවට සැලකෙන රසික චමෝද් නොහොත් “චූටි මල්ලි”ගේ සමීපතම පුද්ගලයෙකු බව හෙළි වී ඇත.

සැකකරු සතුව තිබී අයිස් ග්‍රෑම් දෙකයි මිලි ගෑම් 350 ක ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය කියයි.

පසුගිය 4,දා කඳාන පියුම් මාවතේ ව්‍යාපාරිකයකුගේ නිවසට වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියට ආධාර හා අනුබල දී ඇති ප්‍රධාන සැකකරුවකු බවද හෙළි වී ඇත .

සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කදාන පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

Trending

Exit mobile version