පුවත්

කඳුකරයට දූවිලි මීදුමක්

Published

on

මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල මීදුම් තත්ත්වයක් නොවන වායු දුෂණ තත්ත්වයක් මතුව තිබේ.

හැටන්, බගවන්තලාව, මස්කෙලිය, නෝටන්බ්‍රිජ් සහ ගිනිගත්හේන ප්‍රදේශවල කදු මුදුණේ සහ පහත් බිම් වල වෙනත් දිනයන්හි දක්නට නොලැබෙන ඇපැහැදිලි දුමාරයක් දක්නට ලැබේ.

පැවති අයහපත් කාලගුණ තත්ත්වයක් තරමක් මේ වන විට පහව ගිය නමුත් ඊයේ (29) දින සිට මෙම වායු දුෂණ තත්ත්වය දවස පුරා දක්නට ඇති බව වාර්තා වේ.

මේ අතර, පසුගිය දිනවල ඇති වූ අධික වර්ෂාපතනයත් සමඟ කොළඹ ඇතුළු  ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල වායු තත්ත්ව දර්ශකය ඉහළගොස් ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය පවසා තිබුණි.

ඔහු සඳහන් කළේ පසුගියදා ඇති වූ අධික වර්ෂාපතනයත් සමග එම දර්ශකය ඉහළ යෑම හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල මීදුම් තත්ත්වයකට සමාන දූවිලි තත්ත්වයක් දක්නට ලැබුණු බවය.

Trending

Exit mobile version