පුවත්

කබඩි සම්මේලනයේ සභාපතිගේ වත්තෙන් බෝම්බයක් සොයාගෙන

Published

on

ශ්‍රී ලංකා කබඩි සම්මේලනයේ සභාපති අනුර ධර්මරත්න මහතාගේ හෙට්ටිපොළ දොළහමුණ ප්‍රදේශයේ පිහිටි නිවස ඉදිරිපිට තිබී විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සොයාගෙන තිබේ.

තමාගේ ඉඩමේ නවතා තිබු තම මෝටර් රථය ඉදිරිපිට බෝම්බයක් ඇති බවට ඒ මහතා ඊයේ (26) දහවල් හෙට්ටිපොළ පොලිසියට කළ පැමිණිල්ලකට අනුව පොලිසිය එහි ගොස් මෙම බෝම්බය සිය බාරයට ගෙන ඇත.

පොලිසිය සැකකරන්නේ ඒ මහතා සමඟ කිසියම් පුද්ගලයකු ඇති කරගත් පෞද්ගලකි අමනාපයක් හේතුවෙන් මෙය සිදුකරන්නට ඇති බවයි.

තමන් ශ්‍රි ලංකා කබඩි සම්මේලනයේ සභාපතිධුරයට නැවතත් තරඟ කිරීමට සූදානමින් සිටින බවත්, එයට අමානාප වු කිසිවකු විසින් තමන් බිය ගැන්වීම සදහා මෙය සිදුකරන්නට ඇති බවට ඒ මහතා පොලිසියට පැමිණිලි කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදුවෙකු අත්අඩංගුවට ගෙන නොමැත.

Trending

Exit mobile version