Connect with us

පුවත්

කබ්රාල් ඇතුළු පිරිසකට එරෙහිව ගොනුකළ නඩුව කැඳවන්න දින දෙයි

Published

on

2012 වසරේ ග්‍රීක බැඳුම්කරවල මුදල් ආයෝජනය කිරීම තුළින් රජයට රුපියල් බිලියන 1.8කට අධික පාඩුවක් සිදුකළේ යැයි චෝදනා කරමින් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඇතුළු විත්තිකරුවන් හතර දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා ජුනි මස 26 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.

මෙම නඩුව අද (04) කොළඹ මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස් සපුවිද මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදීම නඩුවේ මියගොස් සිටින චන්ද්‍රසිරි ජයසිංහ නමැති විත්තිකරු මියගිය බව තහවුරු කිරීම සඳහා සාක්ෂි මෙහෙයවීම සිදුකෙරුණි.

ඉන් අනතුරුව විත්තිකරුවන්ට අදාළ චෝදනා පත්‍රය අල්ලස් කොමිසම විසින් සංශෝධනය කරනු ලැබීය.

ඉන් අනතුරුව මෙම නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා ජුනි මස 26 වනදා කැඳවන ලෙසත් නියම කෙරුණි.

2012 වසරේ ග්‍රීසිය ආර්ථිකය අර්බුදයකට ලක්වී තිබෙන බව දනිමින් මෙ රට මුදල් ග්‍රීක බැඳුම්කරවල ආයෝජනය කිරීම තුළින් ශ්‍රී ලංකා රජයට රුපියල් බිලියන 1.8කට ආසන්න පාඩුවක් සිදුකළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු විත්තිකරුවන් හතර දෙනකුට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබුණි.

පුවත්

මියන්මාරයට ලක් රජයෙන් මූල්‍ය ආධාර ලබාදෙයි

Published

on

By

භූ කම්පනය හේතුවෙන් විපතට පත් මියන්මාර ජනතාවට සහන සැලැසීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියනයක මූල්‍යමය ආධාරයක් සිදු කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කර තිබේ.

ඊට අදාළ චෙක්පත ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් ශ්‍රී ලංකාවේ මියන්මාර තානාපතිනි මාලර් තන් ටයික් (Marlar Than Htaik) මහත්මිය වෙත ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (10) පිරිනමනු ලැබීය.

පවතින ආර්ථික අර්බුදය හමුවේ වුවද විපතට පත්  මියන්මාර් ජනතාව වෙනුවෙන් මූල්‍යමය ආධාර ලබාදීම පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුලු රජයට සිය කෘතඥතාව පිරිනමන බව ශ්‍රී ලංකාවේ මියන්මාර තානාපතිවරිය මෙහිදී සඳහන් කළාය.

එසේම එම අසීරු අවස්ථාවේ සහන කණ්ඩායම් සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩල යොමු කිරීම පිළිබඳවද ස්තූතිය පළ කළ තානාපතිවරිය, ශ්‍රී ලංකාව සහ මියන්මාරය අතර පවතින දිගුකාලීන ආගමික සහ සංස්කෘතික මිත්‍රත්වය එමගින් තවදුරටත් තහවුරු වනු ඇති බව සඳහන් කළාය.

භූ කම්පනයෙන් පසු මියන්මාරයේ වත්මන් තත්ත්වය පිළිබඳවද තානාපතිවරිය මෙහිදී ජනාධිපති ලේකම්වරයා වෙත  කරුණු පැහැදිලි කළාය.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, මියන්මාර් තානාපති කාර්යාලයේ Winh Wint Khaus Tun, Lei Yi Win යන මහත්ම මහත්මීහු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

(ජනාධිපති මාධ්‍ය අංශය)

Continue Reading

පුවත්

පාස්පෝට් කාර්යාලයෙන් නිවේදනයක්

Published

on

By

අප්‍රේල් මස එළැඹෙන 15,16 හා 17 යන දිනවල දී මහජනතාව වෙත විදේශ ගමන්බලපත්‍ර නිකුත්කිරීමේ එක්දින හා සාමාන්‍ය සේවා සැපයීම සම්බන්ධයෙන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව අද (10) විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනයේ දැක්වෙන්නේ ටෝකන් පත් නිකුත්කිරීම එම දිනවල මධ්‍යහන 12 දක්වා පමණක් සිදු කෙරෙන බවයි.

එක්දින සේවය සඳහා ක්‍රියාත්මක වූ පැය 24 සේවාව ඉහත සඳහන් දිනවලදී ක්‍රියාත්මක නොවන බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

Continue Reading

පුවත්

වීසා නැතිව සිටි ඉන්දියානුවෝ 22ක් මාට්ටු

Published

on

By

කල් ඉකුත් වූ වීසා බලපත්‍ර යටතේ මෙරට නීතිවිරෝධී ලෙස රැදී සිටි ඉන්දීය ජාතිකයන් 22 දෙනකු අත්අඩංගුවට ගත් බව ආගමන විගමන දෙපාර්තමේන්තු කියයි.

මොවුන් මීට මාස 03 කට පමණ පෙර සංචාරක වීසා බලපත්‍ර යටතේ 17 දෙනකු ද, නේවාසික වීසා බලපත්‍ර යටතේ 04 දෙනකු ද, ව්‍යාපාර වීසා බලපත්‍ර යටතේ 01 අයකු ද වශයෙන් මෙරටට ඇතුලු වී තිබේ .

සැක කටයුතු ඉන්දීය ජාතිකයන් දෙදෙනකුගෙන් , ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක්  ,හදිසියේ සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී , අනාවරණය කර ගත් තොරතුරු මත වයස අවුරුදු 25 ත් – 35 ත් අතර පසුවන මෙම ඉන්දීය ජාතිකයන් පිරිස , රාජගිරිය ප්‍රදේශයේ කාර්යාල සංකීර්ණයක සේවය කරමින් සිටියදී අත් අඩංගුවට ගෙන තිබේ .

(ලංකාදීප)

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved