Connect with us

පුවත්

කමල් ගුණරත්නට නීතිපතිත් නැහැ

Published

on

සිය වැඩතහනම් කිරීමට එරෙහිව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා විසින් ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නම්කර සිටින හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න සහ හිටපු ආරක්ෂ ලේකම් විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් කමල් ගුණරත්න යන මහත්වරු වෙනුවෙන් පෙනී නොසිටින බව නීතිපතිවරයා අද (29) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.

මෙම පෙත්සම අද එස්. තුරෙයිරාජා, ඒ. එච්. එම්. ඩී. නවාස් සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් විවේකා සිරිවර්ධන මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙහි වගඋත්තරකරුවන් වශයෙන් නම්කර සිටින හිටපු පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න සහ හිටපු ආරක්ෂක ලේකම් විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් කමල් ගුණරත්න යන මහත්වරු වෙනුවෙන් මින් ඉදිරියට නීතිපතිවරයා පෙනී නොසිටින බව සඳහන් කළේය.

ඒ අනුව එම වගඋත්තරකරුවන්ට පෞද්ගලික නීතිඥවරු ඉදිරිපත් කිරීමට හැකියාව තිබෙන බවත් මෙහිදී විනිසුරු මඩුල්ල පෙන්වා දුන්නේය.

ඉන් අනතුරුව පෙත්සම සලකා බැලීම 2025 පෙබරවාරි මස 03 වනදා තෙක් කල් තැබුණි.

2019 වසරේ පැවති ජනාධිපතිවරණයෙන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ තමන්ව ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පෞද්ගලික සහකාර ලෙස මාරුකර ඉන් අනතුරුව සිය වැඩතහනම් කිරීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ශානි අබේසේකර මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

පුවත්

පෑලියගොඩ නගර සභාවට පැරැදිච්ච අපේක්ෂකයෙක් ගේන්න සජබ ඇතුලේ ගේමක්!

Published

on

By

විපක්ෂයට වැඩි බලය හිමි පෑලියගොඩ නගර සභාවට සමගි ජන බලවේගයේ පැරදුන නගරාධිපති අපේක්ෂකයා ලයිස්තුවෙන් පත් කිරීමට කතාබහක් ඇතිව ඇතැයි වාර්තා වේ.

එම සභාව ජාතික ජනබලවේගය විසින් ජයග්‍රහණය කරනු ලැබුවද එයට හිමිව ඇත්තේ සභික ධූර අටක් වන අතර විපක්ෂයට සභික ධූර 9ක් හිමිව තිබේ.

ඒ අනුව විපක්ෂයට, සමගි ජන බලවේගයට සභිකයන් 4ක්, එක්සත් ජාතික පක්ෂයට සභිකයන් 2ක්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට, සර්වජන බලය හා පොදුජන එක්සත් පෙරමුණට සභිකයන් එක බැගින් හිමිව තිබේ.

මේ ප්‍රතිඵිලය අනුව කාන්තා නියෝජනය 25% සඳහා සමගි ජන බලවේගය සිය බෝනස් සභික ධූර වලින් 2ක් කාන්තාවන් සඳහා වෙන් කළ යුතුවේ.

මේ තත්ත්වය මත පූර්ව එකඟතාවයකින් පොදුජන එක්සත් පෙරමුණේ සභික ධූරය සඳහා කාන්තාවක් පත්කර, ඉන් කාන්තා 25% සම්පූර්ණ කර සජබ බෝනස් සභිකධූරය සඳහා පැරදුන සභාපති අපේක්ෂකයා පත් කිරීමට සූදානම් වන බව සජබ පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මෙය මූල්‍යමය ගනුදෙනුවක් මත සිදුවන්නක් බවට ද වාර්තා පැතිර තිබේ.

මේ ගනුදෙනුව පිටුපස ද සජබ නායකයාගේ උපදේශක සිටින බව වාර්තා වේ.

Continue Reading

පුවත්

චමුදිත හා කීර්තිට එරෙහිව විජේදාස, වාරණයක් ගනියි!

Published

on

By

විජයදාස රාජපක්ෂ මහතාට අපහාසයක් සිදුවන අසත්‍ය, වෛරී සහ ද්වේශ සහත ප්‍රකාශ හා සාකච්ඡා සමාජ මාධ්‍ය ඔස්සේ අන්තර්ජාලයට මුදා හැරීම වළක්වමින් චමුදිත සමරවික්‍රම හා කීර්ති රත්නායක යන මාධ්‍යවේදීන්ට එරෙහිව නුගේගොඩ දිසා විනිසුරු ආර්.ඒ.එම්. රාජපක්ෂ මහතා විසින් ඊයේ (09) නිකුත් කළේය.

ජනාධිපති නීතීඥ විජයදාස රාජපක්ෂ මහතා විසින් චමුදිත සමරවික්‍රම හා කීර්ති රත්නායක වග උත්තරකරුවන් කරමින් පැවරූ පැමිණිල්ලක් සලකා බැලීමෙන් පසුව මෙම වාරණය නිකුත් කළේය.

වග උත්තරකරුවන් දෙදෙනා විසින් සම්මුඛ සාකච්ජාවක් පවත්වා Truth with Chamuditha යූ ටියුබ් නාලිකාව ඔස්සේ මුද හැරීම මගින් සිදු කර ඇති අපහාසය සහ අවමානය හේතුවෙන් සිදුවූ අගතියට රුපියල් මිලියන 1,000ක වන්දි මුදලක්  ඉල්ලා මෙම නඩුව ගොනුකොට ඇත.

චමුදිත සමරවික්‍රම විසින් කීර්ති රත්නායක සමඟ 2025.04.30 වන දින හෝ ඊට ආසන්න දිනක දී සම්මුඛ සාකච්ඡාවක් පවත්වා එය පළමු විත්තිකරුට අයත් ඔහු විසින් පවත්වා ගෙන යන Truth with Chamuditha යූ ටියුබ් නාලිකාවේ විකාශනය කළ බවත්, එම සාකච්ඡාව පැමිණිලිකරුට චෝදනා කිරීමට හා අපහාස කිරීමට යොදාගෙන ඇති බවත්, පැමිණිලිකරු සහ ඔහුගේ පුත් නීතිඥ රඛිත රාජපක්ෂ යන අය නීති විරෝධී ලෙස දූෂණ සහ අපරාධ සිදු කරන්නන් බව පෙන්වීම සඳහා චේතනාන්විතව සහ දැඩි අපහාසාත්මකව අවලාද කළ බවත් පැමිණිලිකරු ප්‍රකාශ කර ඇත.

විජයදාස රාජපක්ෂ මහතා වෙනුවෙන් නීතීඥ ජයමුදිතා ජයසූරිය මහතමියගේ උපදෙස් මත හරීෂ් රත්නසූරිය, හර්ෂ ලියනගේ, සුරාජ් වල්ගම, දසුන් නාගස්හේන යන නීතීඥ මහත්වරුන් සමඟ ජනාධිපති නීතීඥ ඉක්රාම් මොහමඩ් මහතා පෙනී සිටියේය.

මූලාශ්‍රය – ලංකාදීප

Continue Reading

පුවත්

ජොනී පොහොට්ටුවේ මෙහෙයුම් ප්‍රධානියා කරයි

Published

on

By

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන බලමණ්ඩල රැස්වීමක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (09) ඒ මහතාගේ විජේරාම නිල නිවසේදී පැවැත්විණි.

එහි දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙහෙයුම් ප්‍රධානියා ලෙස ජොන්ස්ටන් ප්‍රනාන්දුව මහතාව පත් කර ඇතැයි වාර්තා වේ.

මෙම රැස්වීම සඳහා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු දේශපාලන මණ්ඩලය සහභාගි වී තිබිණි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved