පුවත්

කයිට්ස් හි මණ්ඩතිව් පොලිස් මුරපොළට භූමිතෙල් බෝම්බ ප්‍රහාරයක්

Published

on

යාපනය, කයිට්ස් මණ්ඩතිව් පොලිස් මුරපොළේ රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන් ඉලක්කකොට භූමිතෙල් බෝම්බ ප්‍රහාරයක් එල්ල ක‍ළ දෙදෙනකු අත්අඩංගුවට ගත් බව කයිට්ස් පොලිසිය පවසයි.

යතුරු පැදිවලින් පැමිණි කණ්ඩායමක් පෙරේදා (10) රාත්‍රියේ පොලිස් මුරපොළට එලෙස භූමිතෙල් බෝම්බ ප්‍රහාරයක් එල්ලකොට පලාගොස් තිබිණි.

සැකකරුවන් එල්ල කළ භූමිතෙල් බෝම්බයක් පොලිස් මුරපොළ භූමියට වැටී ගිනිගෙන තිබූ අතර, අනෙක් භූමිතෙල් බෝම්බ මාර්ගයේ තැන තැන වැටී තිබී පොලිසියට හමුවී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් වයස අවුරුදු 35 ක් වන සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, අනෙක් සැකකරුවන් සොයා කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ පවත්වති.

සිද්ධියෙන් පොලිස් නිලධාරීන්ට කිසිදු හානියක් සිදුව නොතිබූ අතර, මේ පිළිබඳ පුළුල් පරීක්ෂණ පවත්වන බවද පොලිසිය සඳහන් කළේය.

(අරුණ)

Trending

Exit mobile version