Connect with us

පුවත්

කර්මාන්ත ආශ්‍රිත ප්‍රශ්න විසඳන්න ඩිජිටල් පහසුකමක්

Published

on

කර්මාන්ත ආශ්‍රිත ප්‍රශ්න විසඳීම සඳහා ඉදිරියේ දී නව ඩිජිටල් පහසුකමක් ලබා දීමට කටයුතු කරන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

ඔහු පවසන්නේ කර්මාන්තකරුවන්ට තමන්ගේ දිස්ත්‍රික්කයේ සිටම ගැටලු ඇත්නම් ඒවා විසඳා ගැනීමට ඒ තුළින් හැකියාව ලැබෙනු ඇති බවය.

රත්නපුර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා මෙම අදහස් පළ කලේය.

“කර්මාන්ත තියෙන්නේ ගමේ නම් කර්මාන්ත අමාත්‍යාංශය කියන්නේ ජනතාවට සේවා සපයන තැනක් නම්, ඒ සේවය සැපයෙන්න ඕනේ අදාළ දිස්ත්‍රික්කයට ගිහිල්ලා. එතකොට ඒ වෙනුවෙන් කොළඹ ඇවිල්ලා රස්තයාදු වෙන්න ඕනේ නෑ කර්මාන්තකරුවන්. ඉදිරි අපේ වැඩසටහන නවීකරණය වෙලා, තාක්ෂණය සමග මුහුවුණාට පස්සේ, කර්මාන්ත ශාලාවේ ඉදගෙනම ප්‍රශ්න විසඳගන්න පුළුවන්. අපි ඒකට කියනවා එක කවුළුවකින් ප්‍රශ්න විසඳගන්න ක්‍රමවේදයක් කියලා.

ව්‍යාපාරයක් ආරම්භ කරන කෙනෙක්ට අවසර ගන්න අවුරුදු එක හමාරක් විතරක් යනවා. එහෙම නැතුව කරන්න නම් පගාව දෙන්න ඕනේ. පගාව දීම වෙනුවට රජයේ නිලධාරීන්ට රජය විසින් වැටුප් වැඩිකරලා තියෙනවා. ඒ නිසා පගාව නොගෙන දුෂණයෙන් තොරව වැඩකරන්න ඕනේ. ඒක තවත් වැඩිදියුණු කිරීමට රජයේ සියලු ගෙවීම් ඩිජිටල්කරණය කරන්න තීරණය කරා. ඒ නිසා ව්‍යවසායකයින්ගෙන් අපි ඉල්ලන්නේ ඔබේ වැඩේ පහසු කරගන්න ඔබ පගාව දෙන්න එපා. පගාව දුන්නොත්නේ පගාව ගන්නේ.”

පුවත්

දින 9කදී ලංගම ආදායම රු. මිලියන 1,300 පන්නයි

Published

on

By

මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු උදාවත් සමග ගම් බිම් බලා ගිය ජනතාවට නැවත කොළඹ බලා පැමිණීමට විශේෂ බස් රථ තවදුරටත් ක්‍රියාත්මක බව ජාතික ගමනාගමන මණ්ඩලයේ ගමනාගමන කළමනාකරු එච්. පියතිලක මහතා පවසයි.

ඔහු පැවසුවේ මේ වන විටත් අඛණ්ඩව පැය 24 පුරා ක්‍රියාත්මක වන බස් සේවාවක් ක්‍රියාත්මක වන බවය.

විශේෂයෙන් මහනුවර සිරි දළදා වන්දනාව සඳහා සහභාගී වන සැදැවතුන් වෙනුවෙන් ද විශේෂ බස් සේවාවක් ක්‍රියාත්මක කර ඇතැයිද පැවසු ඒ මහතා පැවසුවේ ඒ අනුව මහනුවර – කොළඹ මාර්ගය සඳහා මේ වන විට ලංගම බස් රථ 150කට ආසන්න සංඛ්‍යාවක්ද යොදවා ඇති බවය.

එමෙන්ම පසුගිය 10 වැනිදා සිට ඊයේ (19) දිනය දක්වා වන විට ජාතික ගමනා ගමන මණ්ඩලය රුපියල් මිලියන 1,300කට ආසන්න ප්‍රමාණයක් උපයා ඇතැයිද එළැඹෙන දින කිහිපයේදී මෙම ආදායම තවදුරටත් ඉහළ යා හැකි බවද ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

(අදදෙරණ)

Continue Reading

පුවත්

පාස්කු ප්‍රහාරය ගැන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව CIDයට

Published

on

By

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව හා ලේඛන ඇතුළත් වෙළුම් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි අද (20) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දෙන ලදී.

ඒ අනුව ජනාධිපති ලේකම් – නන්දික සනත් කුමානායක මහතා විසින් අදාළ වාර්තාව ඉදිරි විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දීමට පියවර ගත් බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

Continue Reading

පුවත්

ඩෙංගු – චිකන්ගුන්‍යා ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක්

Published

on

By

මේ දිනවල පවතින වර්ෂාවත් සමග ඩෙංගු සහ චිකන්ගුන්‍යා රෝගය ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ පවසයි.

මේ සම්බන්ධව අදහස් දක්වමින් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා පැවසුවේ ඩෙංගු රෝගය ව්‍යාප්ත කරනු ලබන මදුරුවන් හරහා චිකන් ගුන්‍යා රෝගය ද ව්‍යාප්ත වන බවය.

ඔහු පැවසුවේ දීර්ඝ සති අන්ත නිවාඩුව සහ පාසල් නිවාඩුව හේතුවෙන් බොහෝ පිරිස් විනෝද චාරිකා ගොස් ඇති බවත් මේ හේතුවෙන් නිවාස සහ අවට පරිසරය පිරිසිදු කර ගැනීමේ හැකියාව මග හැරී ගොස් ඇති බවය.

මේ හේතුවෙන් මදුරුවන් බෝවන ස්ථාන පිරිසිදු කිරීමේ හැකියාවක් ලැබී නොමැති බැවින් මදුරුවන් බෝ වන ස්ථාන වැඩි වී ඇතැයිද ඔහු පැවසීය.

ඩෙංගු සහ චිකන්ගුන්‍යා රෝග පතුරුවනු ලබන්නේ එකම මදුරුවෙකු විසින් බව පෙන්වා දුන් ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ මේ හේතුවෙන් අවට පරිසරය නිරන්තර පිරිසිදු කරගනිමින් මදුරුවන් බෝවිම වළක්වා ගන්නා ලෙස ජනතාව දැනුවත් කරන බවය.

(අරුණ)

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved