පුවත්

කරාපිටියට අති නවීන CT ස්කෑන් යන්ත්‍රයක්

Published

on

කරාපිටිය ශික්ෂණ රෝහලේ අළුතින් ස්ථාපිත කරන ලද රුපියල් මිලියන 250 ක වටිනාකමකින් යුතු CT ස්කෑන් යන්ත්‍රය ප්‍රතිකාර සේවාවන් සඳහා එක්කිරීම අද (24) සිදුවිය.

ඒ සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙනි.

ජපානයේ නිෂ්පාදිත අති නවීන තාක්ෂණයෙන් යුත් මෙම CT ස්කෑන් යන්ත්‍රය සෞඛ්‍ය අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ කරාපිටිය ශික්ෂණ රෝහලට ලබාදී තිබේ.

පසුගිය සදුදා දින මෙම CT Scanner යන්ත්‍රය ස්ථාපිත කර අද දින තෙක් යන්ත්‍රයේ ක්‍රියාකාරීත්වය පරීක්ෂාවට ලක් කරන ලද අතර, අද 24  දින සිට රෝගීන්ගේ CT Scan පරීක්ෂණ කටයුතු සිදු කරනු ලැබේ.

මෙමගින් දිනකට CT ස්කෑන් පරීක්ෂණ 40 ක් 50 ක් වැනි ප්‍රමාණයක් සිදු කිරිමට අපේක්ෂා කරනු ලබන අතර, ඉදිරියේදී එම සීමාව ඉක්මවා පරීක්ෂණ සිදුකිරිමට හැකිවනු ඇති බවත් මේ හරහා දැනට CT ස්කෑන් පරීක්ෂණ කටයුතු සඳහා වන පොරොත්තු ලේඛන අවම කරගැනීමට හැකියාව ලැබෙනු ඇති බවටද බලාපොරොත්තු වෙයි.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ ඉදිරි වසර තුළ රෝහලේ භෞතික සම්පත් සංවර්ධනයට සහ සමස්ත වෛද්‍ය උපකරණ වෙනුවෙන් රුපියල් කෝටි 100 ක් වෙන් කර ඇති බවය.

නව මහාචාර්ය ඒකකයත්, ශල්‍ය ඒකකයත්, ස්ථාපිත කර රෝහලේ රෝගී තදබදය ද අවසන් කිරීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා විසින්  වැඩිදුරටත් පවසන ලදී.

Trending

Exit mobile version