කරාපිටිය රෝහලේ පිලිකා වාට්ටුවේ විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා මහතාට පහරදිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ රෝහල් කණිෂ්ඨ කාරය මණ්ලයේ සේවකයන් දෙදෙනා සහ සේවිකාව 29 වැනි දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි ගාල්ල වැඩ බලන මහේස්ත්‍රාත් මහිනාථ දහනායක මහතා නියෝග කළේය.
එදිනට හඳුනාගැනිමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කරන ලෙද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
මෙසේ රිමානඩ් බන්ධනාගාර ගත කරනු ලැබුවේ ගාල්ල කොට්ටවගම පදිංචි අනෝමා නිලන්ති සුබසිංහ, අකුරැස්ස දියලපේ පදිංචි සුජිවන් විජේසිංහ සහ පෝද්දල පදිංචි ප්‍රදිප් ලාල් ජාගොඩ යන සෞඛ්‍ය කාරය සහායකයක තිදෙනා වෙති.
ඉකුත් 16 වැනිදා පැවති වැඩ වරජනයට පිළිකා වාට්ටුවේ සේවකයන් සහභාගි නොවන බවට ප්‍රකාශකර තිබුණත් කරාපිටිය රෝහලේ පිලිකා වාට්ටුවේ කණිෂ්ඨ සේවකයන් වර්ජනයට සහභාගිවිම සම්බන්ධයෙන් පසුදින වෛද්‍යවරයා සහ කණිෂ්ඨ කාරය මණ්ඩලය අතර ඇතිවු ආරවුලකදි කණිෂ්ඨ සේවකයන් විසින් තමාට පහරදුන් බවට වෛද්‍යවරයා කර තිබු පැමිණිල්ලක් අනුව මෙම සැකකාරිය සහ සැකකරු අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේය.