Connect with us

පුවත්

කරාපිටිය රෝහලේදී මියගිය දැරියට මෙනින්ගොකොකල්දැයි සැකයක්

Published

on

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඊයේ (25) මියගොස් ඇති  මාස 08ක් වයසැති දැරියගේ හදිසි මරණය බැක්ටීරියාවක් හේතුවෙන් ඇතිවන මෙනින්ගොකොකල් රෝගය හේතුවෙන් සිදු වූ බවට සැකයක් පවතින බව ගාල්ල නාගරික හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ මහතා කියා සිටී.

ඔහු මේ බව කියා සිටියේ එම දැරියගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද (26) සිදු කිරීමෙන් අනතුරුවය.

එසේම, මියගිය දැරියගේ දේහය සම්බන්ධ අවසන් කටයුතු හැකි ඉක්මණින් සිදුකරන ලෙසත්, දෙමාපියන් ඇතුළු පවුලේ සාමාජිකයන්ට සහ ඥාතීන්ට යම් රෝග ලක්ෂණයක් ඇත්නම් හැකි ඉක්මණින් රෝහල්ගතවන ලෙසත් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ ජ්‍යෙෂ්ඨ අධිකරණ වෛද්‍ය නිලධාරී යූ.ජී.බී.ජයරත්න මහතා මියගිය දැරියගේ ඥාතීන්ට උපදෙස් ලබා දී තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ ගාල්ල, තලාපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි දැරියකි.

හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ මහතා වැඩිදුරටත් මෙසේ ද පවසා ඇත.

 මෙනින්ගොකොකල් රෝග ලක්ෂණ දරුවා වෙතින් දක්නට ඇති බැවින්, අධිකරණ වෛද්‍යවරයා ඥාතීන් කැඳවා ඔවුන්ට උණ, ඇඟ කැසීම, බිබිලි මතුවීම, හුස්ම ගැනීමේ අපහසුතා වැනි රෝග ලක්ෂණ ඇත්නම් හැකි ඉක්මණින් රෝහල්ගත වන ලෙස ද දැනුම් දී තිබේ.

හදිසි මරණ පරීක්ෂකවරයා පවසන්නේ මේ මරණය සම්බන්ධයෙන් ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා ද දැනුම්වත් කර ඇති බවයි.

කෙසේවුවද දරුවාගේ මියයාමට හේතුව තහවරු කරගැනීම සඳහා සිරුරේ පටක කොටස් රජයේ රස පරීක්ෂකවරයාට සහ වෛද්‍ය පර්යේෂණ ආයතනයට යොමුකර ඇතැයි ද ඔහු අනාවරණය කළේය. 

ඉදිරිපත් වූ සාක්ෂි සහ වෛද්‍යවරයාගේ වාර්තාව අනුව මෙ මරණය සම්බන්ධයෙන් දැනට ලබා දී තිබෙන්නේ විවෘත තීන්දුවක් පමණක් බවත්‍, පරික්ෂනාගාර වාර්තා ලැබුණාට පසු මරණයට හේතුව ස්ථිරව කිව හැකි බවද මරණ පරීක්ෂකවරයා දෙමව්පියන් ඇතුළු ඥාතීන්ට පවසා ඇත.

මෙම බැක්ටීරියාව සම්බන්ධයෙන් මුලින්ම වාර්තා වූයේ ගාල්ල බන්ධනාගාරයෙනි.

මේ අනුව එම  රෝගය බාහිර සමාජයට ව්‍යාප්ත වී ඇත්දැයි යන්න පිළිබඳව මෙම ළදරු මරණයත් සමඟ සැකයක් මතුව තිබේ.

එස්. ලොකුකරවිට – ගාල්ල වාර්තාකරු

පුවත්

දින 9කදී ලංගම ආදායම රු. මිලියන 1,300 පන්නයි

Published

on

By

මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු උදාවත් සමග ගම් බිම් බලා ගිය ජනතාවට නැවත කොළඹ බලා පැමිණීමට විශේෂ බස් රථ තවදුරටත් ක්‍රියාත්මක බව ජාතික ගමනාගමන මණ්ඩලයේ ගමනාගමන කළමනාකරු එච්. පියතිලක මහතා පවසයි.

ඔහු පැවසුවේ මේ වන විටත් අඛණ්ඩව පැය 24 පුරා ක්‍රියාත්මක වන බස් සේවාවක් ක්‍රියාත්මක වන බවය.

විශේෂයෙන් මහනුවර සිරි දළදා වන්දනාව සඳහා සහභාගී වන සැදැවතුන් වෙනුවෙන් ද විශේෂ බස් සේවාවක් ක්‍රියාත්මක කර ඇතැයිද පැවසු ඒ මහතා පැවසුවේ ඒ අනුව මහනුවර – කොළඹ මාර්ගය සඳහා මේ වන විට ලංගම බස් රථ 150කට ආසන්න සංඛ්‍යාවක්ද යොදවා ඇති බවය.

එමෙන්ම පසුගිය 10 වැනිදා සිට ඊයේ (19) දිනය දක්වා වන විට ජාතික ගමනා ගමන මණ්ඩලය රුපියල් මිලියන 1,300කට ආසන්න ප්‍රමාණයක් උපයා ඇතැයිද එළැඹෙන දින කිහිපයේදී මෙම ආදායම තවදුරටත් ඉහළ යා හැකි බවද ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

(අදදෙරණ)

Continue Reading

පුවත්

පාස්කු ප්‍රහාරය ගැන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව CIDයට

Published

on

By

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව හා ලේඛන ඇතුළත් වෙළුම් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි අද (20) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දෙන ලදී.

ඒ අනුව ජනාධිපති ලේකම් – නන්දික සනත් කුමානායක මහතා විසින් අදාළ වාර්තාව ඉදිරි විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දීමට පියවර ගත් බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

Continue Reading

පුවත්

ඩෙංගු – චිකන්ගුන්‍යා ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක්

Published

on

By

මේ දිනවල පවතින වර්ෂාවත් සමග ඩෙංගු සහ චිකන්ගුන්‍යා රෝගය ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ පවසයි.

මේ සම්බන්ධව අදහස් දක්වමින් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා පැවසුවේ ඩෙංගු රෝගය ව්‍යාප්ත කරනු ලබන මදුරුවන් හරහා චිකන් ගුන්‍යා රෝගය ද ව්‍යාප්ත වන බවය.

ඔහු පැවසුවේ දීර්ඝ සති අන්ත නිවාඩුව සහ පාසල් නිවාඩුව හේතුවෙන් බොහෝ පිරිස් විනෝද චාරිකා ගොස් ඇති බවත් මේ හේතුවෙන් නිවාස සහ අවට පරිසරය පිරිසිදු කර ගැනීමේ හැකියාව මග හැරී ගොස් ඇති බවය.

මේ හේතුවෙන් මදුරුවන් බෝවන ස්ථාන පිරිසිදු කිරීමේ හැකියාවක් ලැබී නොමැති බැවින් මදුරුවන් බෝ වන ස්ථාන වැඩි වී ඇතැයිද ඔහු පැවසීය.

ඩෙංගු සහ චිකන්ගුන්‍යා රෝග පතුරුවනු ලබන්නේ එකම මදුරුවෙකු විසින් බව පෙන්වා දුන් ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ මේ හේතුවෙන් අවට පරිසරය නිරන්තර පිරිසිදු කරගනිමින් මදුරුවන් බෝවිම වළක්වා ගන්නා ලෙස ජනතාව දැනුවත් කරන බවය.

(අරුණ)

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved