Connect with us

පුවත්

කරාපිටිය රෝහලේ විශේෂඥ වෛද්‍යවරයා රිමාන්ඩ්

Published

on

කරාපිටිය රෝහලේ කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සේවකයකුට සහ සේවිකාවකට පෙරේදා (17) සවස පහරදුන් බව කියන පිළිකා වාට්ටුව භාර විශේෂඥ වෙද්‍යවරයා 22 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා අද (18)  නියෝග කළේය.

මෙසේ රිමාන්ඩ් කරනු ලැබුවේ කරාපිටිය රෝහලේ පිළිකා වාට්ටුවේ ක්‍රිශාන්ත පෙරේරා නම් විශේෂඥ වෛද්‍යවරයාය.

ඉකුත් 16 වැනිදා පවත්වන ලද වැඩ වර්ජනයට පිළිකා වාටුටවේ සේවකයන් එක් නොවන බව කියා සිටියත් ඔවුන් වැඩ වර්ජනයට එක්වීම සම්බන්ධයෙන් වෛද්‍යවරයා සහ සේවක පිරිස අතර ඇතිවු ආරවුලක් දුරදිග යාම හේතුවෙන් වෛද්‍යවරයා විසින් මෙම පහරදිම සිදුකර ඇතැයි අධිකරණයේදී කියැවිණි.

පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කරමින් කියා සිටියේ පිළිකා වාට්ටුවේ සේවකයන් වර්ජනයට එක්විම වළැක්විමට පියවර ගන්නා ලෙස සැකකාර වෛද්‍යවරයා රෝහල් අධ්‍යක්ෂවරයාට පැමිණිලිකර තිබුණත් ඔවුන් වර්ජනයට එක්ව සිට ඇති බවය.

පසුදින සේවයට වාර්තා කිරිමට පැමිණි සේවකයන්ට අත්සන් කිරිමට ඉඩ නොදිම නිසා වෛද්‍යවරයා සහ කණිෂ්ඨ කාර්ය මණ්ඩලය අතර බහින්බස් විමක් සිදුව ඇති අතර පසුව සේවකයන් රෝහල් අධ්‍යක්ෂවරයා හමුවිමට ගිය අවස්ථාවේ වෛද්‍යවරයාද ඒම ස්ථානයට පැමිණිමත් සමග යලිත් ආරවුලක් සිදුව ඇති බවත් පොලිසිය කියා සිටියේය.

පුවත්

අල්ලස් කොමිසමෙන් රනිල්ට දින දෙයි

Published

on

By

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එළැඹෙන 25 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින එම කොමිසම දන්වා තිබේ.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.

ඒ අනුව එළැඹෙන 25 වැනිදා පෙරවරු 09.30ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අල්ලස් කොමිසම දැනුම් දී තිබේ.

සබැඳි පුවත් :

අල්ලස් කොමිසමට කැඳවීම ගැන රනිල්ගෙන් නිවේදනයක්

Continue Reading

පුවත්

දේශබන්දුට අධිකරණයෙන් නියෝගයක්

Published

on

By

අධිකරණයෙන් ඇප ලබා පිටව යාමේදී අධිකරණ නියෝග කඩවන ආකාරයෙන් ක්‍රියාකිරීම සම්බන්ධයෙන් එළඹෙන අප්‍රේල් 25වනදා මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස රාජකාරී අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සහ ඔහුව අධිකරණයෙන් පිටතට රැගෙනයාමට භාවිත කළ මෝටර් රථයේ හිමිකරුට නියෝග කර තිබේ.

මාතර මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය ලබාදී තිබේ.

ඒ ඉකුත් අප්‍රේල් මස 10වනදා දේශබන්දු තෙන්නකෝන් ඇප ලබා මාතර මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයෙන් පිටව යාමේදී අධිකරණ නියෝග කඩ කර ඇති බවට නීතිපතිවරයා මෝසමක් මගින් අද (21) අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් අනතුරුවයි.

Continue Reading

පුවත්

මුළු ආණ්ඩුවක් එක්ක තනි මම රැම්බෝ වගේ (වීඩියෝ)

Published

on

By

මුළු ආණ්ඩුවක් සමඟම තමන් තනිව, සුප්‍රකට හොලිවුඩ් වීරයෙකු වන රැම්බෝ මෙන් සටනක නිරතව සිටින බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

පිල්ලෙයාන් රැදවුම්භාරයට ගනිමින්, ඉන් පසුව, පිල්ලෙයාන් හෙළිදරව්වක් සිද්ධ කලා යැයි කියමින් යම් කිසි පාර්ශ්වයක් අත්අඩංගුවට ගැනීමට රජය දියත් කර තිබුණු කුමන්ත්‍රණය, තමන් උපායශීලීව පිල්ලෙයාන් හමුවීමට යාම නිසා කඩාකප්පල් වූ බව ගම්මන්පිල මහතා විසින් පෙන්වා දෙනු ලබයි.

විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved