පුවත්

කරාපිටිය රෝහලේ වැඩ වර්ජනය අවසන්

Published

on

කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු විසින් ක්‍රියාත්මක කර තිබූ සංකේත වැඩ වර්ජනය අවසන් කර තිබේ.

එම රෝහලේ පිළිකා වාට්ටුව භාර විශේෂඥ වෛද්‍යවරයා විසින් රෝහලේ තවත් වෛද්‍යවරු කිහිපදෙනෙකුට තර්ජනය කළ බව පවසමින් ඊයේ (01) ප.ව. 5 සිට පැය 24ක කාලයක් ඔවුන් මෙම වර්ජනයේ නිතර විය.

වර්ජනයේ නිරත වෛද්‍යවරු, කරාපිටිය රෝහලේ අධ්‍යක්ෂවරයා සමග අද (02) සිදුකළ සාකච්ඡාවකින් අනතුරුව වර්ජනය තාවකාලිකව අත්හැරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

කෙසේවෙතත්, අදාළ වෛද්‍යවරයා සම්බන්ධයෙන් නිසි පියවර නොගතහොත් එළැඹෙන සඳුදා යළි වර්ජනයක් ආරම්භ කරන බව වර්ජනයේ නිරත වෛද්‍යවරු පවසා තිබේ.

කරාපිටිය රෝහලේ සියලුම විශේෂඥ වෛද්‍යවරුන් සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සියලුම වෛද්‍යවරුන් මෙම වර්ජනයට එක්වූ අතර, ඒ හේතුවෙන් සායනික ප්‍රතිකාර සිදු වූයේ නැත.

මේ හේතුවෙන් ප්‍රතිකාර ලබාගැනීමට පැමිණි ජනතාව දැඩි අපහසුතාවකට පත්ව තිබුණි.

——————————-

(පෙර පුවත : 2024 නොවැම්බර් 02 පෙ.ව. 8:49)

කරාපිටිය රෝහලේ සංඛේත වැඩ වර්ජනයක්

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් පැය 24ක සංකේත වැඩවර්ජනයක් ආරම්භ කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ භාණ්ඩාගාරික වෛද්‍ය උභය බණ්ඩාර වලකාගොඩ පවසා සිටියේ, කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් කිහිපදෙනෙකුට තවත් වෛද්‍යවරයෙකු විසින් තර්ජනය කිරීමට විරෝධය දක්වමින් මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බවයි.

Trending

Exit mobile version