පුවත්

කරුංකා ප්‍රති අපනයට පර්මිට් ඉල්ලූ 5කට කුඩම්මාගේ සැලැකිළි; එකක් කැබිනට් මණ්ඩලයට

Published

on

අගය වැඩිකර කරුංකා ප්‍රති අපනයනය කිරීම සඳහා අනුමැතිය ලබා ගැනීමට මාස ගණනක කාලයක සිට සමාගම් 5ක් උත්සහ ගිනිමින් සිටියද ඒ සඳහා පොල් පර්යේෂණ මණ්ඩලය, අපනයන කෘෂිකර්මම දෙපාර්තමේන්තුව හා ජාතික ශාඛ නිරෝධායන ආයතනයේ මන්ද ගාමී බව නිසා එය මෙතෙක් ක්‍රියාවට නැංවී නැතැයි වාර්තා වේ.

මේ අනුව මසකට රුපියල් මිලියන 120ක පමණ ආදායමක් රටට අහිමිවන තත්ත්වයක් මතුව ඇති බවද පැවසේ.

එන්.එස්.එස්. ග්ලෝබල් ට්‍රේඩිං පුද්ගලික සමාගම, බේ ලංකා එක්ස් චේන්ජ් පුද්ගලික සමාගම,  වයඹ ඇග්‍රා් ප්‍රොසෙසිං පුද්ගලික සමාගම, වයි.ටී.එස්. ඉන්ටර්නැෂනල් පුද්ගලික සමාගම හා ක්‍රෝක්‍රොප් පුද්ගලික සමාගම යන සමාගම් මේවන විට මේ අපනයන සිදු කිරීමට මාස 9ක පමණ කාලයක සිට බන්ධිත ගුදම් කුළියට ලබාගෙන ලක ලැහැස්ති වී සිටින බව පැවසේ.

ඒ අතර, මෙසේ අයැදුම්පත් ඉදිරිපත් කර තිබූ එක් ආයතනයක් වන ප්‍රයිම් ස්ටාර් ට්‍රේඩිං පුද්ගලික සමාගමට වසරක කාලයක් සඳහා කරුංකා ප්‍රති අපනයනය කිරීමට අවසර ලබාදීමට මේවන විට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බවද මේ අතර ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග අනුව ‍අගය වැඩිකර කරුංකා ප්‍රති අපනයන කටයුතු කිරීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස මේවන විට කැබිනට් පත්‍රිකා තුනක් ඉදිරිපත් කර ඇති බව පැවසේ.

ඔහු මෙසේ කරුංකා ප්‍රති අපනයනය උනන්දු කිරීමට හේතුවී ඇත්තේ ඉන්දියා හා ශ්‍රී ලංකාව අතර පවතින නිදහස් වෙළඳ ගිවිසුමට අනුව ඉන්දියාව ශ්‍රී ලංකාවට භාණ්ඩ තුන්දහසකට ආසන්න ප්‍රමානක් ලංකාවට ආනයනය කළද ලංකාව ඉන්දියාවට ප්‍රති අපනයනය කරනු ලබන්නේ භාණ්ඩ තුන්සීයකට ආසන්න ප්‍රමාණයක් වීම නිසාය.

කරුංකා ගයය වැඩිකර ප්‍රති අපනයනය කිරීම සඳහා ඉන්දුනීසියාව, තායිලන්තය හා මියන්මාරය යන රටවලින් ආනයනය කිරීමට නියමිත අතර ඒවා මෙහිදී බන්ධිත ගුදම්තුළ 35%ක අගය වැඩි කිරීමක් සිදු කර ඉන්දියාවට ප්‍රති අපනයනය කිරීම සඳහා අදාළ සමාගම් අයැදුම්පත් ඉදිරිපත් කර තිබේ.

Trending

Exit mobile version