Connect with us

පුවත්

කල්පිටිය රථවාහන OIC අත්අඩංගුවට

Published

on

රුපියල් ලක්ෂ 25 කට ආසන්න බීඩි කොළ තොගයක් නඩු භාණ්ඩ වශයෙන් රේගුවට බාර දීම සඳහා ලොරි රථයකින් කටුනායක බලා ගමන් කරමින් සිටියදී මීගමුව, කට්ටුව ප්‍රදේශයේ පාලු ඉඩමකදී එම බීඩි කොළ තොගය පරිභෝජනයට ගත නොහැකි කසල බීඩි කොළවලට මාරු කරමින් සිටි බව කියන කල්පිටිය පොලිස් ස්ථානයේ රථ වාහන අංශයේ ස්ථානාධිපති සහ ලොරි රථයේ රියදුරු මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගන්නා ලදී.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, කල්පිටිය පොලිසි ස්ථානයේ රථවාහන අංශයේ ස්ථානාධිපති වශයෙන් කටයුතු කළ 58 හැවිරිදි උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ ලොරි රථ යේ රියදුරු වශයෙන් කටයුතු කළ කල්පිටිය අම්මාන්තෝට්ටන් ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙකි.

නීති විරෝධීව මෙරටට ගෙන්වන ලද බීඩි කිලෝ 620ක් අඩංගු මිටි 20ක් සහ කහ කිලෝ 1276ක් අඩංගු මිටි 40ක් ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් තිබියදී කල්පිටිය පොලිසිය විසින් ඉකුත් 20 දින අත්අඩංගුවට ගෙන තිබුණි.

අත්අඩංගුවට ගත් නඩු භාණ්ඩ කල්පිටිය පොලිසි ස්ථානය රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා භාරයේ තිබී තිබේ.

පොලිසිය පවසන්නේ, අත්අඩංගුවට ගත් එම නඩු භාණ්ඩ කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන්ට භාරදීම සඳහා ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් තිබියදී මීගමුව, කට්ටුව ප්‍රදේශයේ පාළු ඉඩමක නවත්වා නඩු භාණ්ඩ වශයෙන් රැගෙන යමින් තිබූ බීඩි කොළ කිලෝ 620ක තොගය වෑන් රථයකට පටවමින් ඒ වෙනුවට පරිභෝජනයට ගත නොහැකි කසල බීඩි කොළවලට මාරු කරමින් සිටියදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බවය.

පුවත්

යුරෝපා සංගමයේ නියෝජිතයින් පිරිසක් ලංකාවට!

Published

on

By

යුරෝපා සංගමයේ නියෝජිතයින් පිරිසක් ලබන 28 වැනිදා මෙරටට පැමිණීමට නියමිතව තිබේ.

ඒ, ශ්‍රී ලංකාවට ලබාදෙන GSP ප්ලස් සහනයට අදාල කොන්දේසිවල ප්‍රගතිය සමාලෝචනය සඳහායී

එම නියෝජිත පිරිස ලබන 28 වැනිදා සිට මැයි 7 දක්වා මෙරට රැඳී සිටිනු ඇත.

Continue Reading

පුවත්

අද ජාතික ශෝක දිනයක්!

Published

on

By

ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් හිමිපාණන්ගේ අවමංගල්‍ය කටයුතු හේතුවෙන් අද (26) මෙරට ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් එමස් ආලෝක බණ්ඩාර මහතා සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් චක්‍රලේඛයක් මගින් සියලු අමාත්‍යංශ හා දෙපාර්තමේන්තු ප්‍රධානීන් දැනුවත් කර ඇති බවයි.

ඒ අනුව අද (26) දිනයේ සියලු රාජ්‍ය ආයතනවල ජාතික ධජය අඩකුඹු කර තැබෙනු ඇත.

ස්වර්ගස්ථ වූ අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ අවමංගල්‍ය උත්සවය අද වතිකානයේ ශාන්ත පිතර චතුරශ්‍රයේ පැවැත්වේ.

කොළඹ අගරදගුරු අතිඋතුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අතුළු කතෝලික පූජකවරුන් ඇතුළු පිරිසක්ද ඊට සහභාගි වීම සඳහා වතිකානයට ගොස් තිබේ.

ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් ඊට සභභාගි වන්නේ  විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතායි.

Continue Reading

පුවත්

පිටරට සිට ගේම් ගහන පාතාලේ ප්‍රබලයෝ 201ක්; පාතාල ලොක්කෝ 65ක් රට

Published

on

By

ඩුබායි ඇතුළු රටවල සිට මෙරට මිනීමැරුම්, මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු අපරාධ සිදු කරවන පාතාල කල්ලි ප්‍රබලයන් 201 දෙනකු ගැන පොලිසිය තොරතුරු හෙළිකරගෙන ඇතැයි වාර්තා වේ.

මේ පාතාලයන් පිළිබඳව සියලු තොරතුරු අන්තර්ජාතික පොලීසිය (ඉන්ටර්පෝල්) වෙතද ලබා දී ඇති බවද පැවසේ.

මෙරට පාතාලයන් රැඳී සිටින රටවල් සමඟ සිදු කළ සාකච්ඡාවලින් අනතුරුව ඔවුන් මෙරටට ගෙන්වාගැනීමේ නීතිමය කටයුතු සිදු කරමින් පවතින අතර 19 දෙනකු ඒ අනුව මේ වන විට මෙරටට ගෙන්වා ඇති බවද පැවසේ.

මේ අතර මෙරට සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයන් 65 දෙනකු පමණ මේ වන විට විදේශගතව සිටින බවටද පොලීසියට තොරතුරු ලැබී ඇතැයි වාර්තා වේ.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved