Connect with us

පුවත්

කල්මුණේ අලුත් අන්තවාදී කල්ලියේ නායකයා ඩොක්ටර් රයිස්

Published

on

නැගෙනහිර කල්මුණේ ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන අන්තවාදී ආගමික කල්ලිය ඩොක්ටර් රයිස් නැමති අයකුගේ නායකත්වයෙන් මෙහෙයවන බව බුද්ධි අංශ ඇතුළු මෙරට ආරක්ෂක අංශ අනාවරණය කරගෙන තිබේ.

පවතින ඉස්ලාමීය ධර්මයට හාත්පසින්ම වෙනස් තමන් විසින් නිර්මාණය කරන ලද න්‍යායක් තුළ ඔහු මෙම අන්තවාදී අදහස් දරණ බව මෙහිදී හෙළි වී ඇත. 

ඉස්ලාමීය ධර්මයේ අධ්‍යාත්මික නායක නබිනායකතුමා ජීවත්ව සිටි සමයට අනුව ඉස්ලාම් ජනතාව ජීවත් විය යුතු බවත්, ඒ අනුව හිස පළඳින තොප්පිය වෙනුවට ජටාවක් බැඳීමට, ගැටලු‍ විසඳීමට පොලිසියට නොගොස් ඒවා ආගමික නායකත්වයෙන් විසඳා ගැනීම, පළඳින ඇඳුම් වෙනස් කිරීම ඇතුළු කාරණා රැසක් ඔහු විසින් වෙනස් කරමින් සිටින බවට ඉස්ලාම් ආගමික නායකත්වය ආරක්ෂක අංශ වෙත දැනුම් දී ඇත. 

මෙය ඉස්ලාමීය නිකායක් ලෙස පවත්වාගෙන නොගොස් තට්ටු තුනේ නිවාසයක පහත මාලයේ ඉතාම රහසිගතව ආගමික කටයුතු කරන බවත් දැනට එහි අනුගාමිකයන් 80ත් 100ත් අතර සංඛ්‍යාවක් සිටින බවත් අනාවරණය වී තිබේ.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් පසුගියදා ජනාධිපතිවරයාවද දැනුවත් කර ඇති අතර මේ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් සිදු කරන බව ආරක්ෂක අංශ සඳහන් කරයි.

(දේශය)

පුවත්

ජනතාවගේ ඡන්ද පණිවුඩේ “ඕගොල්ලෝ ෂෝ වැඩියි” – අධිකරණ ඇමැති

Published

on

By

” ඕගොල්ලෝ පොඩ්ඩක් ෂෝ වැඩියි, ඉක්මනට මේ වෙන්ස්කම් ටික කරන්න ඕන..” යන පණිඩුවය පලාත් පාලන මැතිවරණ ප්‍රතිඵලය හරහා ජනතාව ලබා දී ඇතැයි  අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතීඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි.

ජනතාව ලබාදී ඇති පණිවිඩය ආණ්ඩුව වටහාගෙන ඇති බවද ඒ මහතා කියා සිටී.

මාලිමාව තරඟ කළ පලාත් පාලන ආයතන 267න් 120ක කෙළින්ම බලය පිහිටුවීමට අවස්ථාව ඇති බවත්, 32ක් සම සමවී ඇති බවත්, ඒවායේද බලය පිහිටුවීමට හැකි බව ඔහු කියා සිටියේය.

මීට පෙර පොහොට්ටු පක්ෂයට පළාත් පාලන ආයතන 126ක බලය තිබූ බවත්, 28ක බලය සමානව තිබූ බවත් පෙන්වාදෙන අමාත්‍යවරයා ඉතිහාසයේ ලොකුම ජයග්‍රහණය කළේ ජාතික ජනබලවේගය බවද කියා සිටී.

Continue Reading

පුවත්

පුංචි ඡන්දෙ ආදායම් වියදම් වාර්තා ලබාදෙන ලෙස දැනුම්දීමක්

Published

on

By

පළාත් පාලන ආයතන ජන්ද විමසීමට අදාළව මැතිවරණ ප්‍රචාරණ ආදායම් වියදම් වාර්තා ලබන 28වන දිනට පෙර ලබාදෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දී තිබේ.

2023 අංක 03 දරන මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත ප්‍රකාරව අපේක්ෂකයින් මැතිවරණ ප්‍රචාරණ ආදායම් හා වියදම් වාර්තා වෙන වෙනම සකස්කර ඉදිරිපත් කලයුතු බවද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

ඒ අනුව තරග කරන ලද දිස්ත්‍රික්කවල තේරිම් භාර නිලධාරීන් වෙත මෙම ආදායම් වියදම් වාර්තා ලබාදෙන ලෙසද මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.

මේ අතර ආදායම් වියදම් වාර්තා ලබාදීමට අපොහොසත් වන අපේක්ෂකයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන්  ගැටලුවක් පවතින බව ප්‍රජාතන්ත්‍රිය ප්‍රතිසංස්කරණ හා මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක මහතා සඳහන් කළේය.

Continue Reading

පුවත්

කොට්ටාවේ පත්තු වූ වෙඩිල්ලෙන් පුද්ගලයෙක් මරුට

Published

on

By

කොට්ටාව මාලපල්ල ප්‍රදේශයේ විහාරස්ථානයක් අසල ඊයේ (08) රාත්‍රියේ සිදුකළ වෙඩිතැබීමක් සිදුවිය.

වෙඩිතැබීමෙන් පුද්ගලයෙක් තුවාල ලැබූ අතර ඔහු රෝහල් ගත කිරීමෙන් පසුව මියගොස් ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 43ක් වූ මිරිස්යාය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව වාර්තා වේ.

සිද්ධිය ගැන වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය. 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved