Connect with us

පුවත්

කල්මුණේ අලුත් අන්තවාදී කල්ලියේ නායකයා ඩොක්ටර් රයිස්

Published

on

නැගෙනහිර කල්මුණේ ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන අන්තවාදී ආගමික කල්ලිය ඩොක්ටර් රයිස් නැමති අයකුගේ නායකත්වයෙන් මෙහෙයවන බව බුද්ධි අංශ ඇතුළු මෙරට ආරක්ෂක අංශ අනාවරණය කරගෙන තිබේ.

පවතින ඉස්ලාමීය ධර්මයට හාත්පසින්ම වෙනස් තමන් විසින් නිර්මාණය කරන ලද න්‍යායක් තුළ ඔහු මෙම අන්තවාදී අදහස් දරණ බව මෙහිදී හෙළි වී ඇත. 

ඉස්ලාමීය ධර්මයේ අධ්‍යාත්මික නායක නබිනායකතුමා ජීවත්ව සිටි සමයට අනුව ඉස්ලාම් ජනතාව ජීවත් විය යුතු බවත්, ඒ අනුව හිස පළඳින තොප්පිය වෙනුවට ජටාවක් බැඳීමට, ගැටලු‍ විසඳීමට පොලිසියට නොගොස් ඒවා ආගමික නායකත්වයෙන් විසඳා ගැනීම, පළඳින ඇඳුම් වෙනස් කිරීම ඇතුළු කාරණා රැසක් ඔහු විසින් වෙනස් කරමින් සිටින බවට ඉස්ලාම් ආගමික නායකත්වය ආරක්ෂක අංශ වෙත දැනුම් දී ඇත. 

මෙය ඉස්ලාමීය නිකායක් ලෙස පවත්වාගෙන නොගොස් තට්ටු තුනේ නිවාසයක පහත මාලයේ ඉතාම රහසිගතව ආගමික කටයුතු කරන බවත් දැනට එහි අනුගාමිකයන් 80ත් 100ත් අතර සංඛ්‍යාවක් සිටින බවත් අනාවරණය වී තිබේ.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් පසුගියදා ජනාධිපතිවරයාවද දැනුවත් කර ඇති අතර මේ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් සිදු කරන බව ආරක්ෂක අංශ සඳහන් කරයි.

(දේශය)

පුවත්

සජින් වාස්ට නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවයි

Published

on

By

රුපියල් ලක්ෂ 369ක ආදායම් බදු මුදල් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් ගොනුකර තිබූ නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා, අද (26) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වීමෙන් පසු ඔහුට නිකුත් කර තිබූ වරෙන්තුව ආපසු කැඳවීමට නියම කර ඇත.

සැකකාර සජින් වාස් ගුණවර්ධන මහතා තම නීතිඥවරයා මාර්ගයෙන් අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල හමුවට ඉදිරිපත් විය.

මහේස්ත්‍රාත්වරයා විසින් වරෙන්තුව ආපසු කැඳවීමට නියම කර, සැකකරු රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප හතරක් මත මුදා හැරීමට නියෝග කරන ලදී.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී පත් කෙරේ

Published

on

By

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී ලෙස ශ්‍රී ලංකා ඉංජිනේරු බළකායේ මේජර් ජෙනරාල් කපිල දොළගේ මහතාව පත්කර තිබේ.

ඒ මහතා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 37 වන මාණ්ඩලික ප්‍රධානී වන අතර නව පත්කිරීම අද (26) සිට ක්‍රියාත්මක වේ.

Continue Reading

පුවත්

හිටපු සෞඛ්‍ය ලේකම් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට

Published

on

By

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ප්‍රකාශයක් ලබාදීමට අද (26) උදෑසන අල්ලස් කොමිසමට පැමිණීමෙන් අනතුරුව ඒ මහතාව අත්අඩංගුවට ගෙන ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved