ඉදිරි පළාත් පාලන මැතිවැරණය සඳහා කල්මුණේ මහ නගර සභාවට නාම යෝජනා භාර ගැනීම වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද(17) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේ ය.
විජිත් මළල්ගොඩ, යසන්ත කෝදාගොඩ හා මහින්ද සමයවර්ධන යන විනිසුරු මඩුල්ල එම අතුරු තහනම් නියෝගය නිකුත් කළේ ඒ එම් මොහොමඩ් ශලීම් නමැත්තා ගොනු කළ මූලීක අයිතිවාසිකම් පෙත්සමක් සලකා බලමිනි.
අතුරු තහනම් නියෝගය අනිද්දා දක්වා බලපැවැත්වෙනු ඇති.
පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇති මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයින්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දක්වා නොතීසි නිකුත් කිරීමද විනිසුරු මඩුල්ල එහිදී නියෝග කළේ ය.
(newsfirst.lk)