Connect with us

පුවත්

කලින් වීසා ගාස්තු එලෙසම පවත්වාගෙන යන්න කැබිනට් අනුමැතිය

Published

on

විදේශිකයන් මෙරටට පැමිණිමේදී එක් පුද්ගලයෙකුට දින 30ක වීසා බලපත්‍රයක් සඳහා අය කළ ඩොලර් 50ක පැරණි ගාස්තුව එලෙසම පවත්වා ගෙන යාමටත්, ඉන්දියාව, චීනය, රුසියාව, ජපානය, මැලේසියාව, තායිලන්තය, ඉන්දුනිසියාව යන රටවල් හතට මෙතෙක් නොමිලේ සැපයු වීසා සේවාව එසේම ක්‍රියාත්මක කිරීමටත් අද (06) රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය වාර්තා කරයි.

එසේම මෙරටට විදේශිකයෙකු ඇතුල්වීමේදී අදාළ වීසා නිකුත් කිරීමේ පූර්ණ වගකීම ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් දරනු ඇති බවද එම අංශය වැඩිදුරටත් සඳහන් කරයි.

පුවත්

සබරගමු සරසවියේ 4ක් අත්අඩංගුවට

Published

on

By

සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පිඨයේ සිසුවෙකු සියදිවි නසාගැනීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව සිසුන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන විමර්ශනවලට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සබරගමුව විශ්වවිද්‍යාලයේ තෙවන වසරේ සිසුන් බව පොලීසිය පවසයි.

Continue Reading

පුවත්

කළුතර සජබ මහ නගර සභා අපෙක්ෂක බන්දුල ප්‍රසන්නට වෙඩි තබයි

Published

on

By

කළුතර මහ නගර සභාවට සමගි ජන බලවේගයෙන් තරගවදින අපේක්ෂක බන්දුල ප්‍රසන්න මහතාට නාඳුනන පුද්ගලයකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලබා රෝහල් ගත කළ බව කළුතර දකුණ පොලිසිය පවසයි.

කළුතර නාගොඩ ගම් සභා පාරේ ඔහුගේ නිවස ඉදිරිපිටදී වෙඩි තැබීම සිදුව ඇති බව පොලිසිය කියයි.

යතුරු පැදියකින් පැමිණි දෙදෙනකු වෙඩිතැබීම සිදුකර ඇති බවට මෙතෙක් කළ පරීක්ෂණ වලදී හෙලිව ඇති බව පොලිසිය කීය.

යතුරු පැදිකරුවන් දෙදෙනා වෙඩිතැබීම සිදුකර කළුතර – බෝම්ඹුවල මාර්ගය දෙසට පලාගොස් ඇති බව පරීක්ෂණ වලදී හෙලිව තිබේ.

තුවාල ලැබූ අපේක්ෂකයා කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලට ඇතුළත් කළ බව රෝහල් ප්‍රකාශකයෙක් කීය.

Continue Reading

පුවත්

“McOcean” නම සහ ප්‍රමිති ලාංඡනය ව්‍යාජ ලෙස යොදා ටින් මාළු සැකසූ තැනක් වටලයි (ඡායා)

Published

on

By

“McOcean” නම සහ ප්‍රමිති ලාංඡනය ව්‍යාජ ලෙස යොදා පාරිභෝගිකයන් නොමඟ යවමින් ටින්මාළු නිෂ්පාදනය කළ ස්ථානයක් වටලයි.

පාරිභෝගික කටයුතු පිලිබද අධිකාරිය වෙත ලද පැමිණිල්ලකට අනුව ඊයේ (03)  මීගමුව, තලාහේන, දූන්ගල්පිටිය ප්‍රදේශයේ ව්‍යාජ ලෙස “McOcean” නම සහ ප්‍රමිති ලාංඡනය ව්‍යාජ ලෙස යොදා ටින්මාළු නිශ්පාදනය කරමින් තිබු ස්ථානයක් වටලා තිබේ.

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින් නිකුත් කරනු ලැබූ ප්‍රමිති සහතිකය (SLS 591) හා නිෂ්පාදන ආයතන නාමය වන “McOcean” යන නම ව්‍යාජ ලෙස යොදා ගනිමින් අපිරිසිදු හා අවිධිමත් ලෙස මෙම ටින්මාළු නිශ්පාදනය හා ඇසුරුම් කිරීම සිදුකොට ඇති බව අදාළ වැටලීමේදී අනාවරණය කරගෙන ඇත.

වැටලීමේදී ව්‍යාජ ලෙස නිශ්පාදනය කර වෙලදපලට නිකුත්කිරිමට සුදානම්කර තිබු ප්‍රමිතියෙන් තොර ටින්මාළු (එකක ශුද්ධ බර ග්‍රෑම් 425සහිත) ඇසුරුම් 700 කට ආසන්න ප්‍රමාණයක් හා එම තොගය ප්‍රවාහනයට සූදානම් කර තිබූ ලොරි රථයක් ද නිලධාරින් භාරයට ගෙන තිබේ.

එසේම, පසුගිය මාස දෙකක පමණ කාලය තුළ ගම්පහ ඇතුළු අවට ප්‍රදේශවලට මෙම ස්ථානයෙන් නිෂ්පාදනය කරනු ලැබූ ප්‍රමිතියෙන් තොර නිෂ්පාදන බෙදාහැර ඇති බවට ද වැටලීමට අදාල මුලික විමර්ෂනවලදි අනාවරණය වී ඇත.

මේ සම්බන්ධව තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක වන අතර ඉදිරියේදි එම විමර්ශනවලින් පසුව අදාල පුද්ගලයන්ට එරෙහිව නඩු පැවරීමට නියමිත බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කියා සිටී.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved