නීතිවිරෝධී මත්පැන් වැටලීමක් සඳහා එක්ව සිටියදී අතුරුදහන් වූ පොලිස් කොස්තාපල්වරයා ගේ මළසිරුර කිලිනොච්චිය මලයාලපුරම් ප්‍රදේශයේ වැවකින් හමුවී තිබූ බව පොලීසිය පවසයි.
මෙසේ අතුරුදන්ව සිටියේ කිලිනොච්චිය කොට්ඨාස දූෂණ මර්දන අංශයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකි.
කිලිනොච්චිය පුදුඅයියන්කුලම ප්‍රදේශයේ ඇළ මාර්ගයක් අසළ සිදු කළ මත්පැන් ජාවාරමක් සම්බන්ධයෙන් පොලීසියට ලද තොරතුරක් මත අදාළ පොලිස් කොස්තාපල්වරයා ඇතුළු නිලධාරීන් කිහිප දෙනෙකු ඊයේ (14) දහවල් එම වැටලීම සඳහා ගොස් තිබුණි.
වැටලීම සිදුකරන අවස්ථාවේ නීතිවිරෝධි මත්පැන් නිෂ්පාදනය කරමින් සිටි සැකකරුවන් ඇළට පැන පිහිනා ගොස් ඇති අතර එහිදී ක්‍රියාත්මක වු මෙම කොස්තාපල්වරයා ඇතුළු පිරිස ඔවුන්ව අල්ලා ගැනීම සඳහා ලුහුබැඳ ගොස් තිබේ.
එහිදී කොස්තාපල්වරයා අතුරුදහන්ව ඇති අතර ඔහු සොයා ඇළ ප්‍රදෙශයේ සහ කැළෑ ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුම් ආරම්භ කර තිබුණි.