රබාවැව, කුබුක්කල්ල ප්‍රදේශයේදී පුද්ගලික ආරවුලක් හේතුවෙන් සිදුවූ පහර දීමකින් පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව වාර්තා වේ.
මියගොස් ඇත්තේ රබාවැව, කුබුක්කල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 43 හැවිරිදි අයෙකි.
ඝාතනය සිදුකළ සැකකරු හඳුනාගෙන ඇති අතර ඔහු මේ වන විට ප්‍රදේශයෙන් පලාගොස් ඇතැයි වාර්තා වේ.
සැකකරු නීති විරෝධි මත්පැන් ජාවරම සිදු කරගෙන යන අයෙකු බවත්, ඔහුගේ මත්පැන් බූලියක් සොරකම් කිරීමේ සිද්ධියකට කළ පහරදීමකින් මෙම ඝාතනය සිදුව තිබේ.