Connect with us

පුවත්

කළුතර ගුරෙක් සිසුවියන් 16ක් කෙළෙසලා; විදුහල්පතිනියකට ලිංගික චෝදනා

Published

on

කළුතර උපකාරක පංතිවල ගුරුවරයකු සිසුවියන් 16 දෙනකුට ලිංගික අතවර කර ඇති බව කියන උපකාරක පංති ගුරුවරයකු සොයා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

පාසල් සිසුවියන්ට පංතිකාමරයේ දී ලිංගික අතවර කර ගුරුවරයා, දැරියන්ව නිවෙස්වලට ඇරලවන මුවාවෙන් කළුතර ලාගොස්වත්ත ප්‍රදේශයේ කැලයකට රැගෙන ගොස් සිය මෝටර් රථය තුළදී ලිංගික අතවර කර ඇති බවත්, ඒ අතරතුර සිය ජංගම දුරකථනයෙන් ඒවා පටිගත කර තිබියදී පොලිසිය සොයාගෙන ඇති බවද වාර්තා වේ.

දැරියන්ට සූම් තාක්ෂණය ඔස්සේ පංති පැවැත්වීමට ලින්ක් යවා මව්පියන් නොමැති අවස්ථාවලදී ඔවුන්ට ඇදුම් ගලවන ලෙස උපදෙස් දී එම දර්ශණද පටිගත කර ඇති බවද සදහන් වේ.

සැකකාර ගුරුවරයා සියලු ලිංගික දර්ශන සිය ලැප්ටොප් යන්ත්‍රයේ ගබඩා කර තිබියදී ඔහුගේ බිරිඳට හසුවී ඇය එම දැරියන්ගේ මව්පියන් දැනුවත් කිරීමෙන් පසු පැමිණිලි කිරීම ආරම්භ වී ඇතැයි පොලිස් ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

අතවරවලට ලක්වූවන් අතර කළුතර කොට්ඨාසයේ පොලිස් ස්ථානයක නිළධාරීයෙකගේ දියණියක් සිටින බවද පැවසේ.

ගණිතය විෂය උගන්වන සැකකාර ගුරුවරයා මේ වනවිට ප්‍රදේශයෙන් පලාගොස් ඇතැයි සදහන් වේ.

කළුතර බාලිකාවක විදුහල්පතින නොහොඹිනා වැඩක….

කළුතර ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ බාලිකා විදුහලක විදුහල්පතිනියට එරෙහිව ලිංගික චෝදනා එල්ල වී ඇතැයි මේ අතර වාර්තා වේ.

ගුරුවරයකු සමග අයථා සම්බන්ධතාවක් පවත්වාගෙන යන ඇය ඒ සඳහා සිසුවියන් දෙදෙනකුගේ සහය ලබා ගනිමින් සිටින බවට ඇයට චෝදනා ඒල්ලවී ඇත.

මීට අමතරව ප්‍රදේශයේ දේශපාලන බලවතෙකුගේද හයියෙන් කටයුතු කරන ඇය පසුගියදා එම ප්‍රදේශයේ නගර සභාවට තරග වදින අයකු පාසලට ගෙන්වා ඔහුට දේශපාලන වාසි ලැබෙන පරිදි මැතිවරණ නීති උල්ලංඝණය වන ලෙස උත්සවයක්ද සංවිධානය කොට ඇත.

දෙමව්පියන් පවසන්නේ මෙම විදුහල්පතිනියගේ කල් ක්‍රියාව හේතුවෙන් තම දැරියන් පවා හරි හැටි හදා ගත නොහැකි බවයි. 

මේ බව ඔවුන් අධ්‍යාපන උසස් බලධාරීන්ට පැමිණිලි කර ඇතත් ඉන් පලක් වී නොමැති බව ඔවුහු පවසති.

පසුගියදා පස්මල් ග‌ොඩනැගිල්ලකින් වැටී මියගිය 16 හැවිරිදි සිසුවිය මෙන්ම ඇගේ යෙහෙළිය ද මෙම විදුහලේම ඉගෙනුම ලබන ශිෂ්‍යාවන්ය.

පුවත්

ජාත්‍යන්තර සාගර දිනය අද

Published

on

By

ජාත්‍යන්තර සාගර දිනය, අදට (08) යෙදී තිබේ.

මෙවර එහි තේමාව, ”අප රකින අසිරිමත් මහ සයුර සුරකිමු” යන්නයි.

සාගර දින ජාතික සැමරුම, කොළඹ වරාය නගරයේදී අද පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.

එහිදී වැඩසටහන් රැසක් ක්‍රියාත්මක බව, ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ, ජනාධිපති අතිරේක ලේකම් එස්. පී. සී. සුගීෂ්වර මහතා සඳහන් කළේ ය.

ජගත් සාගර දිනයක් ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් ප්‍රථම වරට අවධානයට ලක් වුණේ, 1992 වසරේ පැවති එක්සත් ජාතීන්ගේ පරිසර හා සංවර්ධන සමුළුවේදීයී.

එහි ප්‍රතිපලයක් ලෙස, 2008 වසරේදී, ජුනි 8 වැනිදා ලෝක සාගර දිනය ලෙස ප්‍රකාශයට පත් කෙරුණා.

සාගරය, භූමියේත් ජීවයේත් පැවැත්මට ලබා දෙන්නේ අසීමාන්තික දායකත්වයක්.

මිනිසාට අවශ්‍ය ඔක්සිජන් ප්‍රතිශතයෙන් සියයට 50 ත් 85 ත් අතර ප්‍රමාණයක් සාගරයෙන් හිමි වේ.

කාබන්ඩයොක්සයිඩ් ප්‍රතිශතයෙන් සියයට 30 ක් අවශෝෂනය කර ගන්නේ ද සාගරයයි.

පෘථිවියේ විශාලතම ආහාර ගබඩාව හා ඉන්ධන ගබඩාව ලෙස ද, සයුර හැඳින්විය හැක.

මෙවන් අසීමාන්තික දායකත්වයක් ලබා දෙන සාගරය, අද වන විට බරපතල තර්ජනයකට ලක්ව ඇත.

ඉන් බරපතලම ගැටලුව වී ඇත්තේ,  ප්ලාස්ටික් පොලිතින් ඇතුළු විවිධ අපද්‍රව්‍ය සාගරයට මුදා හැරීමයි.

Continue Reading

පුවත්

කුණු ගෙනියන ට්‍රැක්ටරයේ සිට අල්ලස් ගන්නවා – මහාධිකරණ විනිසුරු රංග දිසානායක

Published

on

By

සමහරු වංචාවෙන් දූෂණයෙන් හොයපු ගණන කොච්චරද කියනවනම් සමහර ඒවා තමාට සම්මත ක්‍රමයට කියවීම පවා දුෂ්කර බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා පැවසීය.

කුණු ගෙනියන ට්‍රැක්ටරයේ සිට අල්ලස් ගන්නා ක්‍රමවේදයක් රටේ නිර්මාණය වී පවතින බව පැවසූ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෝක ගුරු දිනයට සමහර ගුරුවරියන් සාරි හතළිහක් විතර ගෙදරට ගෙනියන බවද සඳහන් කළේය.

ඇතැම් දරුවන් ගුරුවරියට සාරියක් ගෙනියන්න නොදුන්නොත් එදින පාසලට පවා නොයන බව ඔහු කීවේය.

ජනතාව හොරු අල්ලන්න කිව්වත් බලාපොරොත්තු වන්නේ ඔවුන් කියන හොරු ඇල්ලීම පමණක් බවත් රටේ සුදු කරපටි වංචනිකයන් ඉදිරියෙන් සිටින හෙයින් ඔවුන් අත්අඩංගුවට ගැනීම අද ලොකු අභියෝගයක් බවත් හෙතෙම සඳහන් කළේය.

රංග දිසානායක මහතා මෙසේ පැවසුවේ ඊයේ කොළඹදී පැවති සම්මන්ත්‍රණයකදීය.

මූලාශ්‍රය – ලංකාදීප

Continue Reading

පුවත්

මාතර බන්ධනාගාරය කොටවිලට

Published

on

By

මාතර බන්ධනාගාරය කොටවිල ප්‍රදේශයට ගෙනයාමට කඩිනමින් කටයුතු කරන බව අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතා කියයි.

ඊයේ (07) පස්වරුවේ මාතර බන්ධනාගාරයේ නිරික්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය.

මාතර බන්ධනාගාරයේ පවතින අඩුපාඩු නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව අධිකරණ අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පැවත්විණි.

එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතා,

“මාතර බන්ධනාගාරයේ පවතින අවශ්‍යතා සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවක නිරතවීමෙන් පසුව විශේෂ සාකච්ඡාවක් සිදු කළා. මෙම බන්ධනාගාරය ස්ථාපිත භූමියෙහි බන්ධනාගාරයකට අවශ්‍ය  කටයුතු සඳහා ඉඩකඩ ප්‍රමාණවත් නැහැ. ඒ නිසාවෙන් බන්ධනාගාර නිලධාරීන් කාර්ය මණ්ඩල මෙන්ම රැඳවියන්ද දැඩි අපහසුතාවයට පත්ව සිටිනවා. මේ සඳහා විසඳුමක් වශයෙන් මාතර බන්ධනාගාරය කොටවිල ප්‍රදේශයට කඩිනමින් ගෙන යාමට අවශ්‍ය කටයුතු සිදු කිරීමට සාකච්ඡා කරනු ලැබුවා.”

“මාතර නව අධිකරණය ස්ථාපිත කර තිබෙන්නේ කොටවිල ප්‍රදේශයේයි. එහි බන්ධනාගාරය ස්ථාපිත කිරීමට ඉඩමක් වෙන් කර තිබෙනවා. පසුගිය දිනවල පැවති කලබලකාරී තත්ත්වය සමඟ මාතර බන්ධනාගාරයට හානි සිදු වුණා. එම තත්ත්වයත් නිරීක්ෂණය කරනු ලැබුවා. රටේ සංවර්ධන සැලැස්ම සමඟ බන්ධනාගාරය දැනට ස්ථාපිත භූමිය ‌ඵෙතිහාසික වටිනාමක් සහිත භූමීයක් බවට පත් කිරීමේ හැකියාව තිබෙනවා. මේ සියලු කටයුතු පිළිබඳව අද සාකච්ඡා කළා. ඒ අනුව මේ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කර කඩිනමින් ඉදිරි කටයුතු සිදු කරනවා.”

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved