කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට හෙට (21) පෙරවරු 8.30 සිට පැය 12ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
ඒ අනුව වාද්දූව, වස්කඩුව, පොතුපිටිය, කළුතර උතුර, කළුතර දකුණ යන ප්‍රදේශ වලට ජල සැපයුම අත්හිටවනු ඇත.
මීට අමතරව නාගොඩ, බෝම්බුවල, පිලමිනාවත්ත, පයාගල, මග්ගොන, අලුත්ගම, දර්ගා නගරය සහ බෙන්තර යන ප්‍රදේශවලට ද ජල සැපයුම අත්හිටවනු ලැබේ.