පුවත්

කළුතර බෝධිය වඳින්න ආ තරුණියක් අතුරුදහන්

Published

on

ඥාතීන් පිරිසක් සමග ඉකුත් 22 වැනිදා උදෑසන කළුතර බෝධිය වැඳ පුදා ගැනීමට පැමිණි 25 හැවිරිදි කාන්තාවක් අතුරුදහන් වීමේ සිද්ධියක් පිළිබඳව දකුණු කළුතර පොලිසිය පරීක්ෂණ පවත්වයි.

තම බිරිඳ වන කාරියවසම් පොලතන්ත්‍රිලාගේ තරංගි නිලූෂිකා ද සිල්වා මෙසේ අතුරුදහන්ව ඇති බව කළුතර බොලොස්සගම ,බෝසෙවනගම පදිංචි මැදගම ලියනගේ දොන් ප්‍රභාත් කෝලිත යන අය පොලිසියට පැමිණිලි කොට තිබේ.

ඉකුත් 22 වැනිදා උදේ තම පියාත් ඥාතීන් කීප දෙනෙකුත් සමග බිරිඳ කළුතර බෝධිය වැඳ පුදා ගැනීමට ගිය බවත් ,එහිදී ඇය අවුරුදු 02 ක් වයසැති දියණිය ඥාති පිරිමි ළමයෙකු අතටදී වැසිකිළියට යන බව පවසා ගොස් ඇති බවත්, සෑහෙන කාලයක් ගතවීත් ඇය නොපැමිණි නිසා පිරිස ඇයව සොයා බැලුවත් ඇය බෝධි පරිශ්‍රයේ නොසිටි බව කියමින් පියා තමාට දුරකථන ඇමතුමක් ලබා දුන් බවත් ඔහු පොලිසියට කර තිබූ පැමිණිල්ලේ සඳහන් වේ.

වයස අවුරුදු 25 ක් වන ඇය උස අඩි 05 අඟවා 04 ක් වන තළෙළු අයෙකු බවත් අවසන් වරට හැඳ සිටියේ නිල් පැහැති ඩෙනිම් දිග කලිසමක් හා සුදු බ්ලව්සයක් බවත් ඔහු තම පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

Trending

Exit mobile version