පුවත්

කළු පොලී මාෆියාවට එරෙහිව අලුත් අධිකාරියක් – අධිකරණ ඇමති

Published

on

කළු පොලී මාෆියාවේ යෙදී සිටින පෞද්ගලික අංශයේ  සමාගම්වලට එරෙහිව කටයුතු කිරීම සඳහා අලුත් ක්‍රමවේදයක් යටතේ නව අධිකාරියක් ස්ථාපිත කිරීමට බලාපොරොත්තු වන බව අධිකරණ හා බන්ධනාගාර කටයුතු ඇමැති විජයදාස රාජපක්ෂ මහතා කියයි.

මෙරට ජනගහනයෙන් හතරෙන් එකක් පමණ පෞද්ගලික අංශයේ කළු පොලී මාෆියාවේ ග්‍රහණයට දැනටමත් හසුව ඇතැයි ද ඔහු කියා සිටී.

හෙතෙම මේ බව සඳහන් කළේ ඊයේ (28) රජයේ ප්‍රවෘත්ති දොපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

මේ වනවිටත් පෞද්ගලික අංශයේ මෙවැනි මූල්‍ය සමාගම් විශාල ප්‍රමාණයක් බිහිව ඇති බවත් ඔවුන් රට තුළ පවතින නීතිය අවභාවිත කරමින් කටයුතු කරමින් ඇති බවත් ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

එමෙන්ම මෙවැනි මූල්‍ය සමාගම් දිනෙන් දින කඩාවැටෙමින් පවතින බවද ඒ හේතුවෙන් තැන්පත්කරුවන් වංචාවන්ට හසුවන බවද ඔහු අවධාරණය කළේය.

Trending

Exit mobile version