2024 ජනවාරි 15 සිට 2024 ජූනි 14 දක්වා කාලය තුළ බොර තෙල් නැව් තොග 03ක් 100%ක් ගබඩාගත ටැංකිවලින් නිකුත් කිරීමේ දී ගෙවීමේ ක්‍රමවේදය යටතේ මිලදී ගැනීම වෙනුවෙන් වන දිගුකාලීන කොන්ත්‍රාත්තුව සිංගප්පූරු සමාගමක් වෙත ලබාදීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
මෙම දිගුකාලීන කොන්ත්‍රාත්තුව පිරිනැමීම සඳහා ලංසු කැඳවා ඇති අතර, ඒ සඳහා සමාගම් 02කින් ලංසු ලැබී තිබේ.
එම ලංසු, අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කර ඇති නිර්දේශ මත පදනම්ව අදාළ ප්‍රසම්පාදනය සිංගප්පූරුවේ එම්/ඇස් වයිටෝල් ඒෂියා සමාගම(M/s Vitol Asia Pte. Ltd.) වෙත පිරිනැමීමට විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිමිව ඇත.
එමෙන්ම, 2024 ජනවාරි 15 සිට 2024 ජූනි 14 දක්වා කාලය තුළ බොර තෙල් නැව් තොග 03ක්, දින 30කින් ගෙවීමේ පදනම මත ණයවර ලිපියක් මඟින් මිලදී ගැනීම සඳහා වූ දිගුකාලීන කොන්ත්‍රාත්තුව සඳහාද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
ඒ සඳහාද ලංසු 03ක් ලැබී ඇති අතර, එම ලංසු සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කර ඇති නිර්දේශය මත පදනම්ව එක්සත් අරාබි එමීර් රාජ්‍ය එම්/ඇස් කොරල් එනර්ජි ඩී.එම්.සී.සී. සමාගම (M/s Coral Energy DMCC) වෙත පිරිනැමීමට අනුමැතිය හිමිව තිබේ.