Connect with us

පුවත්

ක්‍රිකට් ගැහුව මහේලයි සංගයි, චෙෆ් බෙනඩික්ට්ගේ කකුළුවාට එරෙහිව වාරණයක් ගනියි

Published

on

ශ්‍රී ලංකා හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයන් වන මහේල ජයවර්ධන සහ කුමාර සංගක්කාර හිමිකාරිත්වය දරන අවන්හලේ ‘‘කකුළුවා’’ වෙළෙඳ ලකුණට සමාන වෙළෙඳ ලකුණ හා එම අවන්හලේ ප්‍රදර්ශිත සූපවේදී ක්‍රියාකාරකම් අනුකරණය කිරීම වළක්වමින් වාරණ නියෝග දෙකක් අධිකරණය නිකුත් කළේය.

මහේල ජයවර්ධන සහ කුමාර සංගක්කාර හිමිකාරිත්වය දරණ මිනිස්ට්‍රි ඔෆ් ක්‍රැබ් (Ministry of Crab) අවන්හල් අයත් ක්‍රබ් ක්‍රෝබ් පුද්ගලික සමාගම (Crab corb (pvt) Ltd) බුද්ධිමය දේපල පනත යටතේ පැවරූ නඩුවක් සලකා බැලීමෙන් අනතුරුව ද කිංග් ක්‍රැබ් (The King Crab) අවන්හල් පවත්වාගෙන යන කොළඹ 03 පිහිටි ගවමන්ට් හෝල්ඩින් පුද්ගලික සමාගමට (Gourmet Holdings) සහ එහි ප්‍රධාන සූපවේදී එඩ්වඩ් බෙනඩික් යන අයට එරෙහිව එම වාරණ නියෝගය නිකුත් කළේය.

කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු කේ.පී. ප්‍රනාන්දු විසින් එම වාරණ දෙක නිකුත් කළේය.

විත්තිකාර ද කිංස් ක්‍රැබ් අවන්හල් සමාගම බුද්ධිමය දේපල පනතේ විධිවිධාන උල්ලංඝනය කරමින් අසාධාරණ තරගයක නියැලීමට කටයුතු කර ඇති බව පැමිණිලිකාර මිනිස්ට්‍රි ඔෆ් ක්‍රැබ් අවන්හල් සමාගම වෙනුවෙන් සුදත් පෙරේරා නීතිඥ සමාගමේ උපදෙස් පරිදි පෙනී සිටි නීතිඥ මනෝජ් බණ්ඩාර කරුණු ඉදිරිපත් කරමින් දන්වා සිටියේය.

මීට පෙර පැමිණිලිකාර අවන්හල් ජාලයේ සේවය කළ බෙනඩික් නමැති සූපවේදියා පැමිණිලිකාර සමාගමෙන් ඉවත්ව, එම සමාගමේ කීර්තිනාමය හා ප්‍රසිද්ධ භාවය උපයෝගී කර ගනිමින් ඊට සමාන වෙළෙඳ ලකුණ, එහි වර්ණ හා වචන ප්‍රදර්ශනය කරන වෙළෙඳ ලකුණක් යොදාගෙන, පැමිණිලිකාර සමාගමේ සූපවේදී මෙනුවට (පටුනට) සමාන ආකාරයෙන් පාරිභෝගිකයන්හට සේවය සපයන බව නීතිඥ මනෝජ් බණ්ඩාර අධිකරණයට දන්වා සිටියේය.

පැමිණිලිකාර සමාගම ලෝකයේ රටවල් කිහිපයක සිය අවන්හල් ජාලය ව්‍යාප්ත කර ඇති අතර, ආසියාවේ හොඳම අවන්හල් 50 අතරට වසර 08 ක් තිස්සේ තේරී පත්වී ඇති ප්‍රමුඛ පෙළේ අවහන්හලක් බව සඳහන් කළ නීතිඥ මනෝජ් බණ්ඩාර, පැමිණිලිකාර සමාගමේ කීර්තිනාමය, වෙළෙඳ ලකුණ හා එහි පාඨයන්ද සූපවේදී සටහන භාවිත කිරීම වළක්වන වාරණ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටියේය.

එම කරුණු සලකා බැලූ විනිසුරුවරයා පැමිණිලිකාර සමාගමේ වෙළෙඳ ලකුණට සමාන කකුළුවන්ගෙන් යුත් හා පාටකින් යුත් වෙළෙඳ ලකුණක් භාවිත කිරීම, සූපවේදී සටහනක් භාවිත කිරීම වළක්වමින් වාරණ නියෝග දෙකක් නිකුත් කළේය.

මූලාශ්‍රය – අරුණ

පුවත්

කොළඹ – ගුවන් තොටුපොළ නව බස් සේවයක්

Published

on

By

කටුනායක ගුවන්තොටුපොළේ සිට කොළඹ දක්වා පෞද්ගලික බස් රථ සේවයක් අරඹා තිබේ.

මින් පෙර ඇවරියවත්ත බස් නැවතුම්පොළින් ගමන් අරඹන ලද මෙම බස් රථ සේවය ඊයේ (05) සිට ගුවන්තොටුපොළින් ගමන් අරඹා තිබෙන බව සඳහන්ය.

දැනට පෞද්ගලික අංශය සතු බස් රථ ධාවනයේ යෙදවීමට නියමිත අතර ඉදිරියේ දී ගමන් මලු රැගෙන යාමේ පහසුව සහිත බස් රථ යෙදවීමට බලාපොරොත්තු වන බව වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා පවසයි.

මෙම බස් රථ වල සේවක මහතුන්ට ජනතා හිතවාදී සේවයක් සැපයීම සඳහා නිසි පුහුණුවක් ලබා දීමෙන් පසුව සේවයේ යොදවන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

මෙම බස් රථ සේවයෙන් රුපියල් 290ක් වැනි මුදලකට කටුනායක සිට කොළඹ බලා පැමිණීමේ අවස්ථාව හිමිවනු ඇත.

ගුවන්තොටු‍පොළ අධිකාරිය, මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සහ රජයේ මඟ පෙන්වීම යටතේ මෙම ව්‍යාපෘතිය අරඹා තිබේ.

Continue Reading

පුවත්

පොකුරු සෞඛ්‍ය තොරතුරු පද්ධතිය දියත්කිරීම අද

Published

on

By

මෙරට සෞඛ්‍ය සේවා පද්ධතිය  ඩිජිටල්කරණයට ලක් කරමින් පොකුරු සෞඛ්‍ය තොරතුරු පද්ධතිය දියත්කිරීම අද (05) සිදු කෙරේ.

මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවාව තුළ සුවිසල් පරිවර්ථනයක් සනිටුහන් කරමින් සෞඛ්‍ය සේවා පද්ධතිය  ඩිජිටල්කරණයට ලක් කරමින් පොකුරු සෞඛ්‍ය තොරතුරු පද්ධතිය දියත්කිරීම සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධාන්වයෙන් අද (05) පෙරවරුවේ තඹුත්තේගම මූලික රෝහල කේන්ද්‍ර කරගනිමින් දියත් කිරීම  සිදු කෙරනු ඇත.

මෙම පද්ධතිය මෙරට සෞඛ්‍ය පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේ සුවිශාල ඉදිරි පියවරක් වශයෙන් සැලකෙන අතර රට තුළ සෞඛ්‍ය සේවා ප්‍රතිසංවිධාන කිරීමේ විශාල සැලැස්මක කොටසක් ද වේ.

වඩා හොඳින් සම්පත් භාවිත කිරීමටත් සංවිධානාත්මක සත්කාර ලබාදීමටත් දත්ත මත පදනම් වූ තීරණ වේගවත්ව ලබාදීමටත් ඉන් හැකියාව ලැබෙනු ඇත.

මෙහි ක්‍රියාකාරීත්වය පරික්ෂා කිරීම සඳහා තඹුත්තේගම සහ දඹුල්ල අවට රෝහල් මෙන්ම සෞඛ්‍ය මධ්‍යස්ථාන 31 ක් ආවරණය වන පරිදි නියමු ව්‍යාපෘතියක් ද ක්‍රියාත්මකය

Continue Reading

පුවත්

පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ වෙයි (සජීවී විකාශය)

Published

on

By

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ කර තිබේ.

එහි සජීවි විකාශය ඉහතින් දැක්වේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved