Connect with us

පුවත්

ක්‍රිෂ් ගොඩනැගිල්ල ගැන අධිකරණ නියෝගයක්

Published

on

කොළඹ කොටුවේ ඉදිකිරීම් අතහැර දමා ඇති මහල් 60කින් යුත්  The One Trans works  , (ක්‍රිෂ්) ගොඩනැගිල්ල මහජන පීඩාවක් සිදු නොවන ලෙස කඩා වැටෙන අනතුරුදායක කොටස් සති දෙකක් තුළ ඉවත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය එම සමාගමේ අධයක්ෂ මණ්ඩලයට නියෝගයක් නිකුත් කර තිබේ.

කොන්දේසි සහිත ආඥාවක් නිකුත් කරමින් මේ බව කියා සිටි මහේස්ත්‍රාත්වරිය කිසිදු ද්‍රව්‍යයක් පහලට නොවැටෙන අයුරින් සහ මහජන පීඩාවක් නොවන අයුරින් එම ගොඩනැගිල්ල පවත්වාගෙන යා යුතු වන බවත් පහතට වැටෙන සහ වැටිය හැකි අබලි දිරා ගිය ද්‍රව්‍ය ඇත්නම් එම ද්‍රව්‍ය ඉවත් කරන ලෙසය.

යම් දේපලක් පහතට වැටීමෙන් මහජනතාව පීඩාවට පත්විය හැකි තතත්වයක් තිබේනම් ඒ සඳහා සුදුසු වැඩපිළිවෙළක් යොදන ලෙසත් මේ කොන්දේසි සහිත ආඥාව නිකුත් කරමින් එම සමාගමේ අධයක්ෂ මණ්ඩලයට මහේස්ත්‍රාත්වරිය දන්වා සිටියාය.

එහිදී එම සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මඩුල්ල අධිකරණයට දන්වා සිටියේ දින 55තුළ එම කොටස් ඉවත් කරලීමේ වැඩපිළිවෙළක් සකස් කර ඇති බවය.

ඒ සම්බන්ධයෙන් පොලීසිය දැනුවත් කර ඇති බවත් පසුගිය 02 දා සිට 10 දක්වා මහාමාර්ගයේ ගමන් ගන්නා අයවලුන්ට අවම පීඩාවක් වන පරිදි රාත්‍රි කාලයේ එම කොටස් ගලවා ඉවත් කරන බවත් නීතිඥ මඩුල්ල කරුණු දක්වමින් පවසා සිටියේය.

එම සමාගම වෙනුවෙන් නිතිඥ හෂිනි ඈපා ඇතුළු නීතිඥ මඩුල්ල අධිකරණයට දන්වා සිටියේ ඒ සම්බන්ධයෙන් දැනටමත් කටයුතු කරමින් සිටින බවය.

එමෙන්ම මහපාරට මුහුණ ලා ඇති කොටස ආවරණය වන පරිදි දැලක් දමා ඇතැයිද නීතිඥ මඩුල්ල ඡායාරූප ඉදිරිපත් කරමින් පවසා සිටියා.
එම සමාගමේ පරිපාලන නිලධාරිනිය ඇතුළු පිරිසක් නඩුව කැඳවූ අවස්ථාවේදී අධිකරණයේ පෙනි සිටියේය.

එම ගොඩනැගිල්ල අනාරක්ෂිත බවට කොටුව පොලීසිය අධිකරණයට කළ කරුණු දැක්වීමට අනුව නඩුව කැඳවූ අතර එහිදී ප්‍රශ්නගත එම සමාගමේ ගොඩනැගිල්ල හේතුවෙන් විශාල මහජන පීඩාවක් සිදු වන බවත් දින 55 වැනි කාලයක් මේ සදහා යොදා ගැනීම නුසුදුසු බැවින් අවම කාලයකින් එම කටයුතු අවසන් කිරීමට කටයුතු කරන ලෙස කොටුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්මාල් විජේරත්න අධිකරණයට දන්වා සිටියේය.

එමෙන්ම මෙම කටයුතු අධීක්ෂණය සදහා රාජ්ය ඉංජිනේරු සංස්ථාවේ මැදිහත් වීම යොමු කරන ලෙස අධිකරණයෙන් සිදු කළ ඉල්ලීමටද අවසර ලැබී තිබේ.

පසුගිය ඔක්තෝම්බර් මස 06 වනදා එම ස්ථානයට ආසන්නයේ නවතා තිබූ මෝටර් රථයක් මතට එම ගොඩනැගිල්ලේ යකඩ කොටසක් කඩා වැටුණු බවත් පසුගිය 08 වනදා රාත්‍රි‍ෙය්දී එහි තිබූ යකඩ කොටසක් කඩා වුටුණු බවත් හිල්ටන් හෝටලය වෙතටද කොටසක් කඩා වැටුණු බවත් එම අවස්ථාවේ කාර්යාල සේවකයින් මෙන්ම රථ වාහනද එම ස්ථානයෙන් ගමන් ගත් බවත් පොලීසිය බී වාර්තාවක් මගින් අධිකරණයට දන්වා ඇති බව සඳහන්ය.

පුවත්

කෙහෙළිය පවුලටම අධිචෝදනා

Published

on

By


මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ, දියණියන් තිදෙනා හා බෑනාට එරෙහිව අල්ලස් කොමසම අද (26) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කළේය.

චෝදනා 43ක් යටතේ මෙම අධිචෝදනා ගොනුකර තිබේ.

Continue Reading

පුවත්

බූස්සේ ගෙල වැලලාගත් රැඳවියෙක් මරුට

Published

on

By

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ අපරාධකරුවන් රඳවා සිටින සිරමැදිරියක රඳවා සිටි රැඳවියෙකු අද (26) දහවල් ගෙල වැලලාගෙන තිබේ.

සිරමැදිරියේ ගෙල වැලලාගෙන සිටියදී නිලධාරීන් විසින් ඔහුව මුදාගෙන රෝහල්ගත කර තිබේ.

රැඳවියා ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර රෝහල්ගත කිරීමෙන් පසු ඔහු මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ බිම්සර අමල් නමැති කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවද වාර්තා වේ.

Continue Reading

පුවත්

සජින් වාස්ට නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවයි

Published

on

By

රුපියල් ලක්ෂ 369ක ආදායම් බදු මුදල් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් ගොනුකර තිබූ නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා, අද (26) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වීමෙන් පසු ඔහුට නිකුත් කර තිබූ වරෙන්තුව ආපසු කැඳවීමට නියම කර ඇත.

සැකකාර සජින් වාස් ගුණවර්ධන මහතා තම නීතිඥවරයා මාර්ගයෙන් අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල හමුවට ඉදිරිපත් විය.

මහේස්ත්‍රාත්වරයා විසින් වරෙන්තුව ආපසු කැඳවීමට නියම කර, සැකකරු රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප හතරක් මත මුදා හැරීමට නියෝග කරන ලදී.

සබැඳි පුවත්

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved