ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු මෙහෙයවීම සඳහා සිදත් වෙත්තමුණි මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පත්කරමින් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය මත ලබන 10 වනදා තෙක් කිසිදු පියවර නොගන්නා ලෙස දන්වමින් අභියාචනාධිකරණය නියෝගයක් නිකුත් කර ඇත.
මෙලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් යොමු කළ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් පසු අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න හා චමත් මොරායස් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් එම නියෝගය ලබා දී ඇත.