පුවත්

ක්ලබ් වසන්ත ඝාතනයට හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට(Update)

Published

on

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඝාතනයට සම්බන්ධ දෙවැනි තුවක්කුකරුට සහ මෝටර් රථ රියැදුරුට ආධාර සහ නවාතැන් සැපයීම සම්බන්ධයෙන් හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයෙක් වන අමල් සිල්වා මහතා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

සැකකරු  එම වෙඩික්කරුට සංවිධානාත්මක අපරාධකරු  කන්ජිපාණී ඉම්රාන්ගේ ඉල්ලීම මත දින 25ක කාලයක් සිය නිවසේ නවාතැන් ලබා දී ඇති බවට අනාවරණය වී තිබේ.

මේ අතර, ඊයේ (28) එම ඝාතනයට සම්බන්ධ දෙවැනි තුවක්කුකරු සහ මෝටර් රථයේ රියදුරු යන දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

පොලිසිය සඳහන් කළේ පානදුර පොලිසියේ කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය විසින් පානදුර පින්වත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බවය.


(පෙර පුවත 2024 අගෝස්තු 29, පෙ.ව.7:42)

‘ක්ලබ් වසන්ත’ නොහොත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතන සිද්ධියට සම්බන්ධ දෙවැනි වෙඩික්කරු සහ මෝටර් රථ රියදුරුව අත්අඩංගුවට ගෙන තිබේ.

පානදුර පොලීසියේ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් මෙම සැකකරුවන් ව අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

 පානදුර පින්වත්ත ප්‍රදේශයේ දී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල නාගොඩ සහ අහුංගල්ල ප්‍රදේශ වල පදිංචිව 29 සහ 32 යන වයස්වල පසුවන පුද්ගලයන් දෙදෙනෙකි.

සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා අතුරුගිරිය පොලීසිය වෙත භාරදී තිබේ.

Trending

Exit mobile version