Connect with us

පුවත්

ක්ලබ් වසන්ත ඝාතන සිද්ධියේ රියදුරන් දෙදෙනා රිමාන්ඩ්

Published

on

අතුරුගිරිය නගරයේ ටැටූ මධ්‍යස්ථානයක් තුළදී වෙඩිතබා “ක්ලබ් වසන්ත” නමැත්තා ඇතුළු දෙදෙනකු ඝාතනය කර තවත් සිව් දෙනෙකුට තුවාල සිදුකිරීමේ සිද්ධියේ වෙඩික්කරුවන් ප්‍රවාහනය කළ වෑන් රථයේ සහ බස් රථයේ රියදුරන් ලෙස කටයුතු කළ පුද්ගලයන් දෙදෙනා අගෝස්තු මස 05 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඔවුන්ව අද (24) අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදී කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය මෙම නියෝගය ලබා දුන්නේය.

සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කළ අතුරුගිරිය පොලීසියේ නිලධාරීන් මෙම සැකකරුවන් දෙදෙනා පැය 48ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබාදෙන ලෙස අධිකරණයෙන් ඉල්ලීමක් සිදුකළද විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් එම ඉල්ලීමට විරෝධය පළ කලේය.

ඒ අනුව කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය සැකකරුවන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කලේය.

පුවත්

දියේ ගිලීම් 2ක්

Published

on

By

කුරුණෑගල ප්‍රදේශයේ ගල්ගමුව පාලුකඩවල වැවේ දිය නෑමට ගිය දැරියන් දෙදෙනෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ.

අවුරුදු 12 හා 17 වැනි වියේ පසුවූ මෙම දැරියන් දෙදෙනා එම ප්‍රදේශයේ ඥාති නිවසකට පැමිණ සිටියදී අද අද (13) දහවල් මෙම වැවේ දිය නෑමට යාමේදී මෙම අනතුර සිදුව ඇතැයි වාර්තා වේ.

මේ අතර,  වෙන්නප්පුව මුහුදේ දිය නාමින් සිටි පුද්ගලයින් සිව් දෙනෙකු අතුරුදන් වී තිබේ.

ඔවුන් නුවරඑළිය ප්‍ර දේශයේ පදිංචිකරුවන් බව වාර්තා වේ.

එක් අයෙකුගේ මළසිරුර හමුව ඇති බවත්, අනෙක් තිදෙනාගේ සිරුරු සොයා මෙහෙයුම් ක්‍රියාත්මක වන බවත් පොලිසිය පවසයි.

Continue Reading

ක්‍රීඩා

PSL තරගාවලියත් යළි ඇරඹේ

Published

on

By

තාවකාලිකව නවත්වා තිබූ 2025 පාකිස්තාන සුපර් ලීග් තරගාවලිය නැවත ආරම්භ කිරීමට සංවිධායක මණ්ඩලය පියවර ගෙන තිබේ.

ඒ අනුව මැයි 17දා යළිත් ඇරඹෙන මෙම තරගාවලියේ අවසන් මහා තරගය මැයි 25දා පැවැත්වීමට නියමිතය.

තරගාවලිය අත්හිටුවන විට එහි ක්‍රීඩා කිරීමට ඉතිරිව තිබුණේ තවත් තරග 08ක් පමණි.

ඉන්දු පකිස්තානු ගැටුම් හමුවේ නතර කෙරුණු ඉන්දියාවේ IPL තරගාවලියද යළි ආරම්භ කරන බවට මීට පෙර නිවේදනය කර තිබුණි.

සබැඳි පුවත් :

IPL යළි ඇරඹෙන දිනය?

Continue Reading

පුවත්

ජපන් වාහනවලට පවතින මෙරට අධික බදු ගැන තානාපතිගෙන් කනස්සල්ල

Published

on

By

ශ්‍රී ලංකාව ජපානයෙන් ආනයනය කරන මෝටර් රථ සඳහා පනවා ඇති අධික බදු සම්බන්ධයෙන් ජපාන තානාපති අකියෝ ඉසොමාටා මහතා කනස්සල්ල පළ කර තිබේ.

පසුගිය සතියේ පැවති සාකච්ඡාවකදී දෙරට අතර නිදහස් වෙළඳ ගිවිසුමක් ඇති කරගැනීම පිළිබඳ අදහස් දැක්වූ අවස්ථාවේදී තානාපතිවරයා ඒ බව පවසා තිබුණි.

ඔහු පවසන්නේ, වෙනත් රටකින් ආනයනය කරන විද්‍යුත් වාහනවලට සාපේක්ෂව ජපානයෙන් ආනයනය කරන විද්‍යුත් වාහන සඳහා ශ්‍රී ලංකාව අධික බදු පනවා ඇති බවය.

එහිදී තානාපති අකියෝ ඉසොමාටා වැඩිදුරටත් සඳහන් කළේ, ශ්‍රී ලංකාව ජපානය සමඟ නිදහස් වෙළඳ ගිවිසුමක් අත්සන් කිරීම පිළිබඳ සලකා බලන්නේ නම්, ජපානයෙන් ආනයනය කරන වාහන සඳහා පනවා ඇති අධික බදු පිළිබඳව සාකච්ඡා කළ යුතු බවය.

නිදහසක් වෙළඳ ගිවිසුමක් අවශ්‍ය වන නිසාවෙන් හුදෙක් එවැනි ගිවිසුමක් අත්සන් කිරීමට ජපානය සූදානම් නැති බවත්, ශ්‍රී ලංකාවෙන් නිදහස් වෙළඳ ගිවිසුමක් පිළිබඳ යෝජනාවක් ඉදිරිපත් වී නොමැති බවත් ඔහු සඳහන් කලේය.

දෙරට අතර එවැනි ගිවිසුමක් ඇති කර ගන්නේ නම් දෙපාර්ශ්වයටම වාසිදායක විය යුතු බව තානාපති අකියෝ ඉසොමාටා පවසයි.

සංකේතාත්මකව අවශ්‍ය නිසා හෝ දේශපාලන හේතු මත පමණක් නිදහස් වෙළඳ ගිවිසුමක් සලකා බලන්නේ නැති බවද ඔහු පෙන්වාදෙයි.

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවන ලද අන්‍යෝන්‍ය තීරුබදු සම්බන්ධයෙන් ජපානය මුහුණ දුන් අත්දැකීම් විස්තර කිරීමටද ඔහු එම අවස්ථාවේ කටයුතු කර තිබුණි.

ඇමෙරිකාව සමඟ මෙවැනි ගැටලු ජපානයට හුරුපුරුදු තත්වයක් බවත්, 1930 දශකයේදී පවා ජපානයට අපනයන සීමා සඳහා බල කෙරුණු බවත් ජපාන තානාපති අකියෝ ඉසොමාටා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කලේය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved