Connect with us

පුවත්

ක්ෂේත්‍ර කිහිපයක තරුණ ව්‍යවසායකත්වය ඉහළ නැංවීමට NIRDC, ADB සහ JICA අතර සාකච්ඡා

Published

on

ශ්‍රී ලංකාවේ පර්යේෂණ, සංවර්ධන සහ නවෝත්පාදන ක්ෂේත්‍ර ශක්තිමත් කිරීමේ අරමුණින් පර්යේෂණ සහ සංවර්ධන වාණිජකරණ ජාතික ප්‍රවේශය (NIRDC), ආසියානු සංවර්ධන බැංකුව (ADB) සහ ජපන් ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිතායතනය (JICA) අතර සාකච්ඡා කිහිපයක් පසුගිය දිනවල පැවැත්විණි.

ව්‍යවසායක ක්ෂේත්‍රයේ අනාගත නායකයින් ලෙස තරුණ පරපුර සවිබල ගැන්වීමත්,  විශේෂයෙන් විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ ක්ෂේත්‍ර ආශ්‍රිත ප්‍රාරම්භ-ව්‍යාපාර (startups) සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර (SMEs) තිරසාර සහ ස්ථායී ව්‍යාපාර බවට පරිවර්තනය කිරීමට දිරිගැන්වීමේ අවශ්‍යතාවත් මෙම සාකච්ඡාවලදී අවධාරණය කෙරිණි.

අඛණ්ඩව සිදු කෙරෙන මෙම සාකච්ඡාවලින් අනෙකුත් පාර්ශ්වකරුවන්ගේ සහායද ලබා ගනිමින්, විද්‍යා සහ තාක්ෂණ නව ජාතික ප්‍රතිපත්තියට අනුකූලව, ශ්‍රී ලංකාව විද්‍යාපාදක ව්‍යවසායකත්වය සඳහා කලාපීය කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීම අරමුණු කෙරේ.

එසේම නවෝත්පාදන, තරුණ නායකත්වය සහ ජාත්‍යන්තර සහයෝගීතාව මත පදනම් වූ ආර්ථිකයක් රට තුළ ගොඩනැගීමට අවශ්‍ය මැදිහත්වීම සිදු කිරීමට පර්යේෂණ සහ සංවර්ධන වාණිජකරණ ජාතික ප්‍රවේශය (NIRDC) අපේක්ෂා කරයි.

ජපන් ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිතායතනය (JICA) නියෝජනය කරමින් එහි ප්‍රධාන නියෝජිත කුරොනුමා කෙන්ජි (Kuronuma Kenji), ජ්‍යෙෂ්ඨ නියෝජිත ඉඩෙ යුරි (Ide Yuri) යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක්ද, ආසියානු සංවර්ධන බැංකුව නියෝජනය කරමින්  (ADB) ශ්‍රී ලංකා නියෝජිත තකෆුමි කඩොනො (Takafumi Kadono) මහතාද, සිංගප්පූරුවේ නන්‍-යැන්ග් තාක්ෂණ විශ්වවිද්‍යාලයෙහි (Nanyang Technological University) මහාචාර්ය ලර්වෙන් ලු (Professor Lerwen Liu) සහ IITM ප්‍රවර්තක් තාක්ෂණ පදනමෙහි (IITM Pravartak Technologies Foundation) නව ප්‍රවේශයන්හි (New Initiatives) ප්‍රධානියා වන රාජේන්ද්‍ර මෝතා (Rajendra Mootha) යන විද්වතුන්ද මෙම සාකච්ඡාවලට එක් වූහ.

පර්යේෂණ සහ සංවර්ධන වාණිජකරණ ජාතික ප්‍රවේශය (NIRDC)නියෝජනය කරමින් විද්‍යාව හා තාක්ෂණය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක මෙන්ම NIRDC නිර්මාතෘ මහාචාර්ය ගෝමික උඩුගමසූරිය, අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය මුදිත ඩී. සෙනරත් යාපා, අධ්‍යක්ෂ (ආයෝජන) ඉඳුනිල් ගුණතිලක යන මහත්වරු මීට එක් වූහ.

පුවත්

කෙහෙළිය පවුලටම අධිචෝදනා

Published

on

By


මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ, දියණියන් තිදෙනා හා බෑනාට එරෙහිව අල්ලස් කොමසම අද (26) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කළේය.

චෝදනා 43ක් යටතේ මෙම අධිචෝදනා ගොනුකර තිබේ.

Continue Reading

පුවත්

බූස්සේ ගෙල වැලලාගත් රැඳවියෙක් මරුට

Published

on

By

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ අපරාධකරුවන් රඳවා සිටින සිරමැදිරියක රඳවා සිටි රැඳවියෙකු අද (26) දහවල් ගෙල වැලලාගෙන තිබේ.

සිරමැදිරියේ ගෙල වැලලාගෙන සිටියදී නිලධාරීන් විසින් ඔහුව මුදාගෙන රෝහල්ගත කර තිබේ.

රැඳවියා ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර රෝහල්ගත කිරීමෙන් පසු ඔහු මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ බිම්සර අමල් නමැති කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවද වාර්තා වේ.

Continue Reading

පුවත්

සජින් වාස්ට නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවයි

Published

on

By

රුපියල් ලක්ෂ 369ක ආදායම් බදු මුදල් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් ගොනුකර තිබූ නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා, අද (26) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වීමෙන් පසු ඔහුට නිකුත් කර තිබූ වරෙන්තුව ආපසු කැඳවීමට නියම කර ඇත.

සැකකාර සජින් වාස් ගුණවර්ධන මහතා තම නීතිඥවරයා මාර්ගයෙන් අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල හමුවට ඉදිරිපත් විය.

මහේස්ත්‍රාත්වරයා විසින් වරෙන්තුව ආපසු කැඳවීමට නියම කර, සැකකරු රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප හතරක් මත මුදා හැරීමට නියෝග කරන ලදී.

සබැඳි පුවත්

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved